file
නව වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද (03) රාත්‍රියේ දක්නට ලැබෙන බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා
මේ වසරේ මුල්ම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ අපිට දකින්නටලැබෙනවා. ඒක තමයි Quadrantids නම් කරන උල්කාපාත වර්ෂාව. මේක අපිට බලන්න පුළුවන් වෙන්නේ බූට්ස් (Boots) කියන තාරක රාශිය ආශ්‍රිතවයි.
මේ තාරුකා රාශිය මුදුන් වෙන්න පටන් ගන්නේ පාන්දර තුනට පමණ. අලුයම තුනේ සිට පාන්දර පහ දක්වා උල්කාපාත වර්ෂාව නැගෙනහිර අහසේ පැහැදිලිව දකින්නට පුළුවන්. මේ කාලය තුළ පැයකට උල්කාපාත අසූවත් සීයත් අතර ප්‍රමාණයක් දකින්නට හැකියාව ලැබෙනවා.
මේ උල්කාපාත වර්ෂාව ඇතිවන ආකාරය ගැන අපි කතා කළොත් එතනදි වෙන්නේ යම් ග්‍රාහකයක් හෝ වල්ගා තරුවකින් ඉවත් වෙලා ගිය පදාර්ථ කොටස් පවතින ප්‍රදේශයක් හරහා පෘථිවිය ගමන් කරන විට ඒ පදාර්ථය වායුගෝලය සමඟ ගැටෙනවා. එම ගැටීමේ දී මෙම කොටස් පෘථිවි වායුගෝලය තුළ දැවී විනාශ වී යාම උල්කාපාත මෙවැනි වර්ෂාවක් ලෙස දකින්නට හැකියාව ලැබෙනවා.
මේ අවුරුද්දේ මුලින්ම තියෙන උල්කාපාත වර්ෂාව දරුවන්ට හුඟක් වැදගත් වෙයි. මේ පිළිබඳ අවධානය යොමු කරන දරුවන්ට අවුරුද්ද මුලදිම මේ වගේ දෙයක් බලන්න පුළුවන් වීම තුළින් අභ්‍යවකාශ තොරතුරු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න අවස්ථාව සැලසෙයි.
සාමාන්‍යයෙන් උල්කාපාත වර්ෂාවක් අපට පියවි ඇසින් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතැනදී කිසිම ගැටළුවක් ඇතිවෙන්නේ නැහැ. නැවත උල්කාපත වර්ෂාවක් දකින්නට ලැබෙන්නේ ලබන අප්‍රේල් මාසයේදී. සාමාන්‍යයෙන් අපිට වර්ෂයකදී උල්කාපාත වර්ෂා කිහිපයක් දකින්නට ලැබෙනවා.
මීට අමතරව මේ අවුරුද්දේ අභ්‍යවකාශය විද්‍යාව පිළිබඳ කතා කරනවිට නැවතත් චන්ද්‍රයා වෙත මිනිසුන් රැගෙන යාමට බලාපොරොත්තු වන වසරක් වීම විශේෂත්වයක්. නාසා ආයතනයේ artemis 2 මෙහෙයුම යටතේ ලබන පෙබරවාරි මාසයේදී මිනිසුන් හතර දෙනෙක් චන්ද්‍රයා වෙත ගිහිල්ලා චන්ද්‍රයා වටේ ගමන් කිරීමක් සිදුවෙනවා’ චන්ද්‍රයා මතට ගොඩ බැසීමක් ඒ අවස්ථාවේදී සිදු වෙන්නේ නැහැ. අන්තිමට මිනිසුන් චන්ද්‍රයා මතට ගිහින් තියෙන්නේ 1972 දෙසැම්බර් මාසේ. අපේ ජීවිත කාලය තුළ සිදුවෙන සුවිශේෂිත අභ්‍යාවකාශ විද්‍යාව සම්බන්ධ කරුණ වශයෙන් මේක හඳුන්වන්න පුළුවන්.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…