Thursday, June 4, 2026
Homeදේශීයජංගම දුරකථන ටික ලොකර් දාන්න වෙයි! ලේකම් රාජ්‍ය සේවයට තදට අමතයි (VIDEO)

ජංගම දුරකථන ටික ලොකර් දාන්න වෙයි! ලේකම් රාජ්‍ය සේවයට තදට අමතයි (VIDEO)

රාජ්‍ය සේවකයන් උදේ පැමිණ සිය රාජකාරියේ අත්සන් කර පසුව නැවත සවස අත්සන් කර පිටව යෑම සහ පඩිය ගැනීම සිය ප්‍රධාන රාජකාරිය ලෙස සිතා කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන ලේකම්වරයා පවසනවා.

රාජ්‍ය සේවය කරන තවත් කොටසක් වෘත්තීය සංගම් සමඟ එකතුවී වැඩ කරන අයට ද වැඩ කිරීමට ඉඩ නොදෙන බව ලේකම්වරයා පෙන්වා දෙනවා.

රාජ්‍ය පරිපාලන අංශය හැකි ඉක්මනින් මහජනතාවට සේවය ලබාදෙමෙන් මිනිසුන් ආයතනයට ගෙන්වා නොගන්නා තැනට කාර්යක්ෂමව වැඩ කිරීම තමන්ගේ බලාපොරොත්තුව බව ලේකම්වරයා ප්‍රකාශ කළා.

දවස පුරා ජංගම දුරකථනයෙන් සමාජමාධ්‍ය තුළ සැරිසැරීම සිදු නොකළ යුතු බවත් එලෙස තවදුරටත් කටයුතු කළහොත් පෞද්ගලික අංශය තුළ මෙන් ජංගම දුරකථන ලොකර් වල තැබීමට සිදුවිය හැකි බවත් එතුමා අවධාරණය කර සිටිනවා.

රාජ්‍ය පරිපාලන අංශයේ පැවති විශේෂ දේශනයක් සඳහා සහභාගිවෙමින් එතුමා මේ බව ප්‍රකාශ කළා.

අදාළ විඩියෝව පහතින් දැක්වෙයි.

READ:   දේශීය ණය ප්‍රශස්තිකරණ ගැන තීරණයක් ගන්න රාජ්‍ය මුදල් කාරක සභාව අද රැස්වෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්