දේශීය

​ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය ඉතා ප්‍රශස්ත මට්ටමක – UN හී නිත්‍ය සම්බන්ධීකාරක අගමැතිනිය හමුවේ කියයි

​අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) ශ්‍රී ලංකා නිත්‍ය සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා අතර නිල හමුවක් 2025 දෙසැම්බර් 20 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

​මෑතකදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ස්වාභාවික ව්‍යසනය හමුවේ විපතට පත් ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට සහන සැලසීම වෙනුවෙන් රජය ක්‍රියා කළ කඩිනම් හා විධිමත් ආකාරය මෙහිදී මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතාගේ ඇගයීමට ලක් විය.

​ලොව සෙසු රටවල අත්දැකීම් හා සැසඳීමේදී, මෙවැනි ආපදා අවස්ථාවකදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය ඉතා උසස් මට්ටමක පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම, සිය වෘත්තීයමය මෙන්ම පෞද්ගලික මැදිහත්වීමද උපරිමයෙන් භාවිතා කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

​එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන නිරන්තර සහයෝගය අගය කළ අග්‍රාමාත්‍යතුමිය, මෙවර ආපදා කළමනාකරණ කටයුතුවලදී දේශපාලන අධිකාරිය මෙන්ම ක්ෂේත්‍රයේ රාජ්‍ය නිලධාරීන් ඉටුකළ මෙහෙවර විශිෂ්ට බව ප්‍රකාශ කළාය. විශේෂයෙන්ම දිස්ත්‍රික් නායකත්වයේ සිට ප්‍රාදේශීය මට්ටමේ පහළම නිලධාරියා දක්වා සියලු දෙනා ඒකාබද්ධව කටයුතු කිරීම මෙම සාර්ථකත්වයට හේතු වූ බව ඇය සඳහන් කළාය.

​ලැබෙන ජාත්‍යන්තර සහයෝගීතාව නිසි ලෙස කළමනාකරණය කරමින්, ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

​මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ද සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Recent Posts

අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් යැවූ සම්පූර්ණ පණිවිඩය

මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…

10 hours ago

නගර සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වීමට නියමිත “Life Cities” ව්‍යාපෘතිය අගමැති ප්‍රධානත්වයෙන් ජනගත කෙරේ

2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…

1 day ago

ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top Solar ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට මූලික සාකච්ඡා ඇරඹේ

මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…

1 day ago

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

3 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

3 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

5 days ago