file
දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 62ක් සදහා පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන සදුදා (29) පෙරවරු 10.00 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදුකිරීමට නියමිතය.
මෙම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් මෙරට හා විදේශීය විශ්ව විද්‍යාලය වල වෛද්‍ය පීඨයන්හි වසර පහක උපාධි අධ්‍යාපනය හැදෑරුවන් වන අතර එම අධ්‍යයන කටයුතුවලින් පසු දිවයින පුරා පිහිටි රජයේ ප්‍රධාන රෝහල් වල විශේෂඥ වෛද්‍යවරුන්, පලපුරුදු ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ වසරක පුහුණුවක් ද හදාරා ඇත.
2026.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම් ලබා දෙන අතර උතුරු, නැගෙනහිර පළාත් ඇතුළුව දුෂ්කර ප්‍රදේශවල ස්ථාපිත රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවය සදහා මෙම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙම අවස්ථාව සදහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක යන මහත්වරුන් ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්වීමට නියමිතය.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…