file
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ලී ටර්ලාමිස් ඕ.ඒ.එම්. මහතා (Lee Tarlamis OAM), ගරු පවුලින් රිචඩ්ස් මහත්මිය (Pauline Richards) සහ ගරු ගැරී මාස් මහතා (Gary Mass) ඇතුළු දූත පිරිසක් ඊයේ (04) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංචාරයක නිරත වුණා.
මෙහිදී දූත පිරිස පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා හමුවූ අතර එහිදී ශ්‍රී ලංකාවේ පිහිටුවීමට නියමිත දේශගුණ විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය, පාර්ලිමේන්තු දෙකෙහිම පවතින ආංශික අධීක්ෂණ කාරක සභා, මැතිවරණ ක්‍රමය, පාර්ලිමේන්තු ක්‍රියාදාමයන් පිළිබඳව සහ ශ්‍රී ලාංකික සිසුන්ට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපන අවස්ථා තවදුරටත් වැඩි කිරීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා.
මෙම අවස්ථාවට ඔස්ට්‍රේලියාවේ ධම්ම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය සෙවනගල නන්දරතන හිමි, පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සහ ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…