දේශීය

අත්අඩංගුවට පත් වැඩිම පිරිස බස්නාහිරෙන්: යුක්තිය මෙහෙයුමේ අලුත්ම තත්ත්වය

පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ විශේෂ මෙහෙයුමේ දී ඊයේ සිදුකළ විමර්ශනවලදී කෝටි 30කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

දිවයින පුරා ක්‍රියාත්මක “යුක්තිය” මෙහෙයුමේ දී ඊයේ දවස තුළ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන 2121ක්.

ඉන් වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

2023.12.18 දින පැය 0030 සිට 2023.12.19 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

හෙරොයින් 1kg 370g
අයිස් 556g
ගංජා 7kg 800 g
(අක්කර 5 ක ප්‍රදේශයක ගංජා වගාවක් බුත්තල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.)
මාවා 3kg 500g
මත්පෙති 1075 ක්
වශයෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ මෙම මෙහෙයුම් ලබන ලබන 23 දක්වා ක්‍රියාත්මක බවයි.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

14 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

14 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

1 day ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

1 day ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

1 day ago