file
මේ වන විට රටට ඩොලර් ලැබීමේ ගැටලුවක් නැතැයි මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවට දැනුම්දී තිබේ.
ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අතර එහිදී විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්විය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ. විමලවීර ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව හමුවේ අදහස් දක්වමින් පැවසුවේ විදේශ විනිමය පිළිබද අර්බුදයක් පැවති අවස්ථාවේදී, විධිමත් ලෙස බැංකු ක්‍රමවවේදය හරහා විදේශ විනිමය ගෙන්වා ගැනීම දිරිමත් කිරීම සදහා මෙලෙස විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට ඉලෙට්‍රික් වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කළ බවයි.
ඒ අනුව මෙම ක්‍රමවේදය හරහා පමණක් ඩොලර් මිලියන 47කට අධික විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණ බවද ලේකම්වරයා පැවසුවේය.
ඒ අවස්ථාවේදී ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව හමුවේ අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශ නියෝජිතවරිය සදහන් කළේ මේ වන විට ඩොලර් ගෙන්වා ගැනීමේ ගැටලුවක් නොමැති බවයි.
මුදල් අමාත්‍යාංශ නියෝජිතවරිය – ඩොලර් අර්බුදයක් තිබුණ නිසා, ඩොලර් එවීම විධිමත් මාර්ගයට ගැනීමටයි අපිට අවශ්‍ය වුනේ. දැන් අපිට විදේශ ප්‍රේශණ ලැබීම හොද මට්ටමක පවතින නිසාත්, විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ට ලබාදෙන වාහන බලපත්‍ර ක්‍රමවේදය දීර්ඝ කිරීමට බලාපොරොත්තු වෙන්නේ නෑ කියලා තමයි විශ්වාස කරන්නේ.
පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා – විදේශ ප්‍රේශණ ලබාගැනීම දිරිමත් කිරීම සදහානේ මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙන්නේ. දැන් මුදල් අමාත්‍යාංශය කියන්නේ ඒ වගේ දිරිමත් කිරීමක් අවශ්‍ය නෑ, ඒක දැන් සාමාන්‍ය තත්වයට පත් වෙලා තියෙනවා කියලානේ කියන්නේ.
මුදල් අමාත්‍යාංශ නියෝජිතවරිය – දැන් පාලනය කරලා තියෙන්නේ. විනිමය පරතරය පිළිබද ගැටලුවකුත් නෑ.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…