ක්‍රීඩා

ක්‍රිකට් ගැන ලොකුවට ලියන උඹලත් ෂම්මිගෙ ගෝලයො ද? උදිතමාල් හේමචන්ද්‍ර කැනඩාවේ සිට ලියයි.

නෑ යෝදයෝ, අපිට ගෙවනව නම් ලියන්නේ මෙහෙම නෙවෙයි.

ඇයි කාටවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැමතියි/අකමැතියි, දූෂිතයි/එහෙම නෑ, ෂම්මි හොඳයි/නරකයි. කියන ස්ථිර සහගත පූර්ව තක්සේරුවෙන් මැද තැනක ඉඳන් මේක බලන්න බැරි?

එහෙම මැද තැනක් මේකෙ නැද්ද? තියෙනව නම් ඒක වෙනුවෙන් අදහසක් දරණ අයත් ෂම්මිගෙ ගෝලයො ද?

හැබැයි ශ්‍රී ලංකාව මැච් දිණුවනම් මේ තත්වය වෙනස් වෙන්න තිබුණ නේද? ඔව් මෙවර මැච් පැරදුණා පමණක් නෙවෙයි, ක්‍රීඩකයන්ට තියෙන බරපතළ විනය චෝදනා, තේරීම් කමිටුවේ බුල්, අපිළිවෙල ආදී මේ සියල්ල අවසානයේ එන්න ඕනත් ක්‍රිකට් ආයතනටමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත බංකොලොත් වුණු මෑතම ඉතිහාසය අපිට මතකයි. කොටින්ම ICC එක අන්තිමට ක්‍රීඩකයන්ගේ ගිණුම් වලට මාසික වැටුප් බැර කරපු ඒ අඳුරු ඉතිහාසයත් අපිට හොඳට මතකයි.

01. පාර්ලිමේන්තුව හෝ සිවිල් සමාජය වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකර සිටිය යුත්තේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය සහ විනය මීට වඩා බරපතල ලෙස වර්ධනය කිරීම සහ එය ක්‍රිකට් ආයතනයේ වගකීමට යටත් ය යන්න බවට යි. රට වෙනුවෙන් ක්‍රිකට් ගහනවා යන්න මතු වෙන්නේ එතකොට යි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනය පුද්ගලික ආයතනයක් වගේ නොවේ ය යන්න ප්‍රේක්ෂකයට දැනෙන්නේ ද එතකොට යි.

02. වර්තමාන ක්‍රීඩකයන් සහ Board එක දෙකක් වශයෙන් නොව එකක් වශයෙන් ඉදිරියට යා යුතුයි.

03. ක්‍රීඩකයන්ගේ පඩි, වාර්ෂික සංචාර කාලසටහන්, තරඟාවලි සහ අනුග්‍රාහකත්වයෙන් ගැන ක්‍රිකට් ආයතනයේ උත්සාහය සහ වාර්ෂික ලාබය පිළිබඳ උනන්දුව, මේ සියලු සකල චෝදනා වලින් පසුව හෝ ක්‍රීඩකයන්ගේ දක්ෂතා,විනය සහ වෘත්තීය මට්ටම දියුණු කිරීම සඳහා ද දැඩිව මැදිහත් වන පාර්ශ්වය බවට පත් විය යුතුමයි.

04. එමනිසා මෙය අවස්ථාවක් කරගෙන ඉස්සරහට, ක්‍රීඩකයන්ට ක්‍රිකට් Board එකත් එක්ක නම් ලේසි වෙන්නේ නෑ කියන බරපතල බය සහ විශ්වාසය, ක්‍රිකට් ලෝලීන්ටත් දෙන්න පුළුවන් නම් තත්වය තව බොහෝ වෙනස් වෙන්න පුළුවන්.

05. ඒ නිසා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ද බය නැති බරපතල තීරණ ගත්තාම ක්‍රිකට් ලෝලීන් වුනත් නැවත ක්‍රිකට් වලට විතරක් නෙවෙයි ක්‍රිකට් බෝඩ් එකටත් ආදරය කරාවි.

06. ක්‍රිකට් ආයතනයේ ගණුදෙනු, ICC එකත් එක්ක සහ ICC ය ද පිළිගන්නා නීතිමය රාමුවක් තුළ විසඳගන්නවා විනා අනවශ්‍ය දේශපාලන අතපෙවීමකින් සමස්ථ ක්‍රිකට් වලට කෙළවා ගන්නවා ද යන්න දැන් අප හමුවේ ඇති ප්‍රශ්න යි යන්න මගේ හැඟීමයි.

මම නැවත කියන්නේ මේ අදාල ප්‍රශ්නය, මේ මොහොතේ මම දකින මධ්‍යස්ථම තැන නමුත් ඔබේ විවිධ පෞද්ගලික විශ්වාස මත මේ මතය සම්පුර්ණයෙන්ම වැරදි වෙන්න හෝ ඔබ එකඟ නොවෙන්න හෝ මේ අදහස ඕනෑතරම් වෙනත් තර්ක ගොනුකළ හැක්කක් බවත් මම ඉඳුරාම දන්නවා.

උදිතමාල් හේමචන්ද්‍ර

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

6 hours ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

1 day ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

1 day ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

3 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

3 days ago

කතානායකවරයා හරහා විපක්ෂ නායකගෙන් විශේෂ ඉල්ලීමක්

2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා…

3 days ago