file
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට එක්වුණා.
ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ලබා දී තිබූ අවස්ථාවකට අනුවයි.
අලුත් අයවැය සමග පවතින තම ගැටලුවලට සුබදායි පිළිතුරක් ලැබෙණු ඇතැයි අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.
මහාචාර්ය බරණ ජයවර්ධන සභාපති විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය..
“ජනාධිපතිතුමාට ප්‍රශ්නය තේරුණා. එතුමාගෙන් ස්ථිර පිළිතුරක් ලැබුණේ නැහැ. එතුමා තේරුම් ගත්තා අපි පත්වෙලා තියෙන ආර්ථික අපහසුතාවයන්. ජනාධිපතිතුමා මාසයක් දෙකක් ඇතුළත සුබවාදී පිළිතුරක් ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.”
“අපි බලාපොරොත්තු වෙනවා අයවැයෙන් විශ්වවිද්‍යාල පද්ධතියේ ආචාර්යවරුන් රට හැරයාම නවත්තන්න වැඩපිළිවෙළක් කරයි කියලා. ජනාධිපතිතුමා කෙළින් පිළිතුරක් ලබා නොදුන්නට අපි හිතනවා එතුමාගේ ස්වභාවයෙන් මෙයට පිළියමක් ලබා දෙයි කියලා.”
“ජනාධිපතිතුමා ඒ ඒ ක්ෂේත්‍ර වලට වෙන වෙනම සාකච්ඡාවක් ලබා දීලා තිබ්බේ.”
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…