file
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන පුහුණු තරගයේ පරාජය ද උරුම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා.
ඒ ඇෆ්ගනිස්ථානය හමුවේ.
දෙවන පුහුණු තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 2ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 294ක් රැස් කළා.
එහිදි කුසල් මෙන්ඩිස් පන්දු 87කින් ලකුණු 158ක් රැස් කළා.
සදීර සමරවික්‍රම ලකුණු 39යි. පැතුම් නිස්සංක ලකුණු 30යි.
පන්දු යැමේදී මොහොමඩ් නබී කඩුලු 04ක් බිඳ දැමුවා.
වර්ෂාව හේතුවෙන් ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 42ක් තුළ ලකුණු 257ක ඉලක්කයක් ලබා දීමට විනිසුරුවන් කටයුතු කළා.
පන්දුවාර 38.පන්දු 1 තුළ ලකුණු 261ක් ලබා ගනිමින් ඇෆ්ගනිස්ථානය එම ඉලක්කය පසුකර ගියා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Rahmanullah Gurbaz පන්දු 92ක් තුළ ලකුණු 119ක් රැස් කළා.
Rahmat Shah ලකුණු 83 (82) යි.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…