file
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.
මෙවර ළමා දිනයේ තේමාව වන්නේ ‘සියල්ලටම වඩා දරුවන් වටී’ යන්නයි.
ළමා දිනය වෙනුවෙන් විශේෂ උත්සවයක් පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතයි.
ඒ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය උත්සවයේ මූලිකත්වය ගෙන කටයුතු කරනවා.
මෙවර වැඩිහිටි දිනයේ තේමාව වී ඇත්තේ ‘වෙනස් වන ලෝකයක වැඩිහිටි පුද්ගලයන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ‘ යන්නයි.
“ලෝක ළමා දිනය” 1955 ඔක්තොම්බර් 01 වනදා සිට ප්‍රථම වරට ලොව පුරා සමරනු ලැබුවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඔක්තොම්බර් 01 වනදා ලෝක වැඩිහිටි දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ 1990 වර්ෂයේදී.
රටක ජනගහනයෙන් ළමා සහ වැඩිහිටි නියෝජනය සැලකිය යුතු ප්‍රමාණයක් වෙනවා.
ළමන් යනු රටක මෙන්ම ලෝකයේ ද ආනගතයයි. වැඩිහිටියන් එම අනාගතය සැකසීම වෙනුවෙන් මනා පිටුවහලක් වන පිරිසයි.
ඒ අනුව ළමුන් සහ වැඩිහිටියන් යන කොට්ටාස දෙකම රටකට සම්පතක් බවට පත්වෙනවා.
දිනයකට පමණක් සීමා නොවී ඔවුන්ගේ අයිතීන් සහ යහපත වෙනුවෙන් කටයුතු කිරීම අපගේ යතුකම මෙන්ම වගකීම ද වෙනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…