file
ආසියානු තරගාවලියේ තරග නීති සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක අර්ජුන රණතුංග මහතා සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.
ඒ මෙවර ආසියානු තරගාවලියේ දී සුපිරි 4 වටයේ ඉන්දු පාකිස්ථාන තරගයට අතිරේක දිනයක් ලබා දීම සම්බන්ධයෙන්.
එක් කණ්ඩායමක් වෙනුවෙන් පමණක් ක්‍රිකට් බලධාරින් තරග තීරණ වෙනස් කරීම කණගාටුදායක තත්ත්වයත් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
Cricinfo වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා මේ බව පවසා තිබුණා.
තරඟාවලියකට පෙර ඒ සඳහා නීති රීති තිබෙනවා. ඒ අනුව එක් තරගයකට පමණක් නීති රීති වෙනස් වන්නේ කොහොමද? යන්න ඔහු මෙහිදී ප්‍රශ්න කර සිටියා.
මෙය ඉදිරියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් අනතුරේ හෙළීමක් බව අර්ජුන පෙන්වා දෙනවා.
තනතුරු සහ මුදල් අපේක්ෂාවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ ආසියා ක්‍රිකට් කවුන්සිලයේ (ACC) බලධාරීන් කටයුතු කරන අවස්ථා ගැන අර්ජුන අවධාරණය කරනවා.
ලෝක ක්‍රිකට් ක්‍රීඩාව එක් පුද්ගලයෙකු හෝ මණ්ඩලයක් විසින් පාලනය නොකළ යුතු බවත් අනෙකුත් මණ්ඩල තම අයිතිවාසිකම් වෙනුවෙන් පෙනිසිටිය යුතු බවත් ඒ මහතා පෙන්වා දෙනවා.
කෙනෙකුගේ බලවත් කම වෙනුවෙන් ක්‍රිකට් බලධාරීන් කටයුතු නොකරනවා නම් සියලුම තරඟ වෙනුවෙන් අමතර දිනයක් ලබා දිය යුතුව තිබූ බව රණතුංග මහතා අවධාරණය කර සිටිනවා.
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…