දේශීය

සුදානමකින් තොරව කෝප් කමිටුවට ආවාට ක්‍රීඩා කටයුතු සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට කෝප් එකෙන් දොස්

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සූදානමකින් තොරව කමිටුවට පැමිණීම කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබෙනවා.

මෙම ආයතන සඳහා අප්‍රසාදය පළ කර ඇත්තේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ හා ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2020 සහ 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වාර්තමාන කාරයසාධනය පිළිබඳ සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී.

මෙහිදී විගණකාධිපති වාර්තාවේ කරුණු සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පැමිණි නිලධාරීන් අපොහොසත් වූ බව කෝපා කමිටුව පවසනවා.

ඒ අනුව එම නිලධාරීන් සූදානමකින් තොරව කාරක සභාවට පැමිණීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බව කරක සභා සභාපතිවරයා පවසා තිබෙනවා.

ඒ අනුව කෝපා කමිටුව අතරමග නවතා එම ආයතන දෙක ලබන මස 29 කැඳවීමට තීරණය කර ඇති අතර මෙවැනි සිදුවීමක් මෑත ඉතිහාසයේ සිදු වී නොමැති බව කෝපා කමිටුව සඳහන් කරනවා.

මෙම නිලධාරීන් ලබා දෙන පිළිතුරු අනුව ක්‍රීඩාව සම්බන්ධයෙන් ජාතික සැලැස්මක් නොමැති බවත් රජයේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කර නොමැති බවත් කෝපා කමිටුව පෙන්වා දෙනවා.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් කෝපා කමිටුව රැස් වී තිබුණා.

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

1 day ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

1 day ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago