file
ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් බුදුන් උපන් ලුම්බිණියේ සිට ඉන්දියාවේ සිද්ධස්ථාන හරහා කොළඹ දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරිය පිළීබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) අරලියගහ මන්දිරයේ දී පවත්වා තිබෙනවා.
කුසිනාරා, බුද්ධගයා, ශාවස්ත්‍රී, සාරානාත් සංකස්ස යන ප්‍රදේශ හරහා පැමිණෙන යතුරුපැදි සවාරිය මහාරාෂ්ඨ ප්‍රාන්තයේ අජන්තා එල්ලෝරා පසු කරමින් දකුණු ඉන්දියාවට පැමිණ රාමේෂ්වරම් හරහා කොළඹට පැමිණීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව යන රටවල් තුන අතර ආගමික හා සංස්කෘතික සම්බන්ධතා අගය කර ඇති අග්‍රාමාත්‍යවරයා යතුරු පැදි සවාරිය සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වී ඇත.
සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ලබන දෙසැම්බර් මාසයේ මෙම යතුරුපැදි සවාරිය පැවැත්වීමට නියමිත අතර මේ පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ විෂයභාර අමාත්‍යවරුන් සමඟ ද සාකච්ඡා පවත්වා ඇත.
යතුරුපැදි සවාරියේ ප්‍රධාන සංවිධායකයින් වන ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ රාහුල් පටේල් සහ ප්‍රශාන්ත් කරුල්කර් මෙම සාකච්ඡාවට සහභාගී විය.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…
2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්යාගමික පූජා ප්රසාදින් වහන්සේලා…