දේශීය

කොළඹ පරදා ජැෆ්නා කිංග්ස් සුපිරි ජයක් ලබයි..

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොළඹ කණ්ඩායම හා ජැෆ්නා කිංග්ස් අතර ඊයේ (08) පැවති තරගය කඩුලු 06 කින් ජය ගැනීමට ජැෆ්නා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 146ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක ලකුණු 36ක් පන්දු 25ක් තුළ ලබාගත්තා. ලහිරු උදාර ලකුණු 25 යි.

අගනා පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 9 කට කඩුලු දෙකක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 3ක් තුළ ලකුණු 150ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් නිශාන් මධුෂ්ක පන්දු 32කදී ලකුණු 46 ක් රැස් කළා.

GURUBAZ ලකුණු 39 යි.

තරගයේ වීරයා දුනිත් වෙල්ලාලගේ.

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

18 hours ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

2 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

2 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

3 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

3 days ago