file
සිංහල, දෙමළ ආදී වශයෙන් ජාති බේදයක් නැතිව ශ්‍රී ලංකාවෙ සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියෝ අද පැවසූහ.
ඉන්දියාවේ සිට වැවිලි කර්මාන්ත සඳහා වසර 200කට පෙර මන්නාරම හරහා වතුකරයට ගෙන ආ මලෛයහ (ඉන්දියානු දෙමළ) ප්‍රජාවට නිවාස, ඉඩම් ඇතුලු සියලුම සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බව ද ඒ හිමියෝ පැවසූහ.
ඉන්දියාවේ සිට වසර 200කට පෙර වැවිලි කර්මාන්ත සඳහා තලෙයිමන්නාරමේ සිට මාතලේට ගෙන ආ මලෛයහ (ඉන්දියානු දෙමළ) ප්‍රජාවගේ එම ගමන සිහි කරමින් තලෙයිමන්නාරමේ සිට මාතලේට පාගමනින් පැමිණෙන පිරිස මහින්තලේ මංසන්ධියේදී පිළිගනිමින් වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියෝ ඒ බව කීහ.
ජූලි 28 වැනිදා තෙලයිමන්නාරමේදී සමාරම්භක සිහිකිරීම පැවති අතර ජූලි 29 වැනිදා ආරම්භ කළ පාගමනේ 09 වැනි දිනය අද වන අතර අද උදෑසන 5ට මැදවච්චිය ප්‍රදේශයෙන් ඇරැඹි පාගමන අද දහවල් මින්තලේ ප්‍රදේශයට ළඟා විය. අද කිලෝමීටර 22ක දුරකත් එද්දී රඹෑව ප්‍රදේශී ලේකම් කාර්යාලයෙන් සහ විහාරස්ථාන ඇතුලු ස්ථාන කිහිලයකින් පිළිගෙන සංග්‍රහයන් ලබා දෙනු ලැබීය.
පාගමනේ අද දින ගමනාන්තය වන මිහින්තලේදී මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමි, මිහින්තලේ ශාන්ත අන්තෝනි පල්ලියේ එච් බෙනට් පියතුමා, මව්ලවිවරු ඇතුළු ආගමික නායකයෝ ද, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු සිවිල් ක්‍රියාධරයෝ පිරිසක් විසින් පිළිගත්හ.
එම පිළිගැනීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ මිහින්තලේ රජමහා විහාරාධිපති නාහිමියෝ මෙසේද පැවසූහ.
“දේශපාලනඥයන් අපි අතර අසමගිය ඇකි කළා. කුලවාද ඇති කළා. ආගම් බේද ඇති කළා. අපි හැමෝම ගිහි පැවදි විතරයි. වෙන කවුරුත් නෑ. කොයි කුලෙත් එකයි. කැපුවොත් රතු ලේ. දෙමළ සිංහල මුස්ලිම් පාසල් වෙනම හැදුවා අපිව වෙන් කරන්න. හරියට ලිප්ගල් තුනක් වගේ. ඒ සිංහල දෙමළ සහ මුස්ලිම් කියන ලිප් ගල් තුනේ තමයි දේශපාලකයො උයන්නේ. අපට එකතු වෙන්න දෙන්නෑ. මම කියන්නේ සිංහල දරුවො දෙමළ ඉගෙන ගන්න ඕනෑ. දෙමළ මුස්ලිම් දරුවො සිංහල ඉගෙන ගන්න ඕනෑ. අපි සමගි වුණොත් ඔවුන්ට කරගෙන යන බිස්නස් එක නතර කරන්න වෙනවා. අපි දෙමළ සිංහල මුස්ලිම් කියලා කොටවලා බලය ගන්න දේශපාලනඥයො දඟලයි. ඒක වෙන්න දෙන්න එපා. කලින් එහෙම වුණා. ආයේ ජාති, ආගම් බේද ඇතිවෙන්න දෙන්න එපා. හැමෝටම සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි. “
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…