Saturday, April 25, 2026
Homeදේශීයසියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි- මිහින්තලේ හිමි

සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි- මිහින්තලේ හිමි

සිංහල, දෙමළ ආදී වශයෙන් ජාති බේදයක් නැතිව ශ්‍රී ලංකාවෙ සියලුම ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලබා දිය යුතු බව මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියෝ අද පැවසූහ.

file

ඉන්දියාවේ සිට වැවිලි කර්මාන්ත සඳහා වසර 200කට පෙර මන්නාරම හරහා වතුකරයට ගෙන ආ ම⁣⁣ලෛයහ (ඉන්දියානු දෙමළ) ප්‍රජාවට නිවාස, ඉඩම් ඇතුලු සියලුම සමාන අයිතිවාසිකම් ලබා දිය ⁣යුතු බව ද ඒ හිමියෝ පැවසූහ.

ඉන්දියාවේ සිට වසර 200කට පෙර ⁣වැවිලි කර්මාන්ත සඳහා තලෙයිමන්නාරමේ සිට මාතලේට ගෙන ආ ⁣ම⁣⁣ලෛයහ (ඉන්දියානු දෙමළ) ප්‍රජාවගේ එම ගමන සිහි කරමින් තලෙයිමන්නාරමේ සිට මාතලේට පාගමනින් පැමිණෙන පිරිස මහින්තලේ මංසන්ධියේදී පිළිගනිමින් වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියෝ ඒ බව කීහ.

file

ජූලි 28 වැනිදා තෙලයිමන්නාරමේදී සමාරම්භක සිහිකිරීම පැවති අතර ජූලි 29 වැනිදා ආරම්භ කළ පාග⁣මනේ 09 වැනි දිනය අද වන අතර අද උදෑසන 5ට මැදවච්චිය ප්‍රදේශයෙන් ඇරැඹි පාගමන අද දහවල් මින්තලේ ප්‍රදේශයට ළඟා විය. අද කිලෝමීටර 22ක දුරකත් එද්දී රඹෑව ප්‍රදේශී ලේකම් කාර්යාලයෙන් සහ විහාරස්ථාන ඇතුලු ස්ථාන කිහිලයකින් පිළිගෙන සංග්‍රහයන් ලබා දෙනු ලැබීය.

file

පාගමනේ අද දින ගමනාන්තය වන මිහින්තලේදී මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමි, මිහින්තලේ ශාන්ත අන්තෝනි පල්ලියේ එච් බෙනට් පියතුමා, මව්ලවිවරු ඇතුළු ආගමික නායකයෝ ද, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු සිවිල් ක්‍රියාධරයෝ පිරිසක් විසින් පිළිගත්හ.

එම පිළිගැනීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ මිහින්තලේ රජමහා විහාරාධිපති නාහිමියෝ මෙසේද පැවසූහ.

“දේශපාලනඥයන් අපි අතර අසමගිය ඇකි කළා. කුලවාද ඇති කළා. ආගම් බේද ඇති කළා. අපි හැමෝම ගිහි පැවදි විතරයි. වෙන කවුරුත් නෑ. කොයි කුලෙත් එකයි. කැපුවොත් රතු ලේ. දෙමළ සිංහල මුස්ලිම් පාසල් වෙනම හැදුවා අපිව වෙන් කරන්න. හරියට ලිප්ගල් තුනක් වගේ. ඒ සිංහල දෙමළ සහ මුස්ලිම් කියන ලිප් ගල් තුනේ තමයි දේශපාලකයො උයන්නේ. අපට එකතු වෙන්න දෙන්නෑ. මම කියන්නේ සිංහල දරුවො දෙමළ ඉගෙන ගන්න ඕනෑ. දෙමළ මුස්ලිම් දරුවො සිංහල ඉගෙන ගන්න ඕනෑ. අපි සමගි වුණොත් ඔවුන්ට කරගෙන යන බිස්නස් එක නතර කරන්න වෙනවා. අපි දෙමළ සිංහල මුස්ලිම් කියලා කොටවලා බලය ගන්න දේශපාලනඥයො දඟලයි. ඒක වෙන්න දෙන්න එපා. කලින් එහෙම වුණා. ආයේ ජාති, ආගම් බේද ඇතිවෙන්න දෙන්න එපා. හැමෝටම සමාන අයිතිවාසිකම් ලබා දිය යුතුයි. “

READ:   පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්