දේශීය

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් ගැන තීරණයක්

මත් ද්‍රව්‍යවලට යොමුව සිටින පුද්ගලයින්ට ස්වේච්ඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය වීමේ අවස්ථාව නව පනත යටතේ ලැබෙන බව බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තවදුරටත් අදහස් පළ කළ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ මෙරට තුළ යුද්ධය අවසන් වු පසු එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් දොළොස් දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කර සමාජ ගත කළ බවයි.

තව ද, මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වුවන් යහපත් පුද්ගලයින් ලෙස පුනරුත්ථාපනය කිරීම කොමසාරිස් ජනරාල් කාර්යාංශය විසින් සිදු කළ අතර එසේ මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීම හේතුවෙන් පුනරුත්ථාපනය වන පුද්ගලයින්ට සමාජය පිළි ගන්නා යහපත් පුරවැසියන් ලෙස සමාජගතවීම සදහා පුහුණුවීම් ඔවුන්ට ලබා දෙන බවත්, ඒ අනුව ආපදා කළමනාකරණය පිළිබදව පුහුණුව, වෘත්තිය පාඨමාලා පිළිබදව පුහුණුව ලබාදී පසුව සහතික ලබාදීම සිදු කරන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

ඊට අමතරව බැකෝ යන්ත්‍ර, ඩෝසර් යන්ත්‍ර පිළිබඳව පුහුණුවීම් ලබා දී විදේශ රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව ලබා දී තිබෙන අතර, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යටතේ විශේෂ පුහුණුව ලබා ගැනීමේ හැකියාව ලබා දෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ පුනරුත්ථාපනය වන පුද්ගයින්ගේ සැගවුනු කලා කුසලතා එළි දැක්වීම වෙනුවෙන් ද වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි.

පුනරත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය යටතේ වව්නියාව, කන්දකාඩු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනක් ස්ථාපිත කර තිබෙන බවත්, මේ වන විට ඒවායෙහි හයසීයකට වැඩි පිරිසක් පුනරුත්ථාපනය වන බවත්, 2013 සිට 2023 දක්වා කාලය තුළ මත් ද්‍රව්‍ය සදහා යොමු වු පුද්ගලයින් අට දහසකට වඩා වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර ඇති බවත් ඔහු පැවසුවා.

වැඩිදුර අදහස් දැක්වූ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා…

“2023 අංක 02 දරණ පුනරුත්ථාපන කාර්යාංශ පනත යටතේ පුනරුත්ථාපනයෙන් ඔබ්බට පුද්ගලයින් යොමු කිරීම යටතේ, නව පනතේ විධිවිධාන මෙම වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වනවා ඒ අනුව මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව සිටින පුද්ගලයින්ට ස්වේඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය විය හැකියි.”

“මේ වන තෙක් මත් ද්‍රව්‍ය සදහා යොමු ව සිටින කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. නමුත් නව පනත යටතේ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසා තිබෙනවා. ඒ අනුව ඒ සදහා ද අවශ්‍ය පහසුකම් ඉදිරියේදී සපයනවා.”

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

1 day ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

1 day ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago