file
ග්‍රාමීය නිවාස 25000ක් ඉදි කිරීම සහ එම නිවාස සදහා වහලය මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳව සාකච්ඡාවක් නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවත්වා තිබෙනවා.
පෞද්ගලික මුල්‍ය ආයෝජනයක් මත නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සිදු කිරීමට බලාපොරොත්තු වන මෙම ව්‍යාපෘතිය මගින් අඩුආදායම්ලාභී පවුල් වෙනුවෙන් නව නිවාස ඉදි කිරීමට බලාපොරොතු වන බවත්, එම නිවෙස් වල වහලය මත සවිකරන සූර්ය පැනලවල විදුලිබලය ජාතික පද්ධතියට ලබාදීමෙන් ලැබෙන ආදායම මගින්, නිවාසය ඉදිකිරීමේ හා සූර්ය පැනල වෙනුවෙන් වැය වූ මුදල් ආවරණය කිරීමට බලාපොරොත්තුවන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත.
වියාපෘතියේ ආයෝජනය, ඉදිකිරීම් සහ ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදාල පාර්ශව කරුවන් සමග සාකච්ඡාවට ගෙන ඇති බව විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…