මෙරට සංගීත කණ්ඩායම් ඉතිහාසයේ වෙනස්ම මගක් පෑදූ ජය ශ්‍රී එකතුවේ නවතම ගීතය වඩාත් උත්කර්ෂවත් අන්දමින් රසිකයන්ට තිළිණ කිරීමට ජය ශ්‍රී සූදානමින් සිටිනවා. එම ගීතය නම් කර ඇත්තේ “මතු වෙන්න..” යන නමින්.
ගීතය හඳුන්වාදීමටත් ප්‍රථමයෙන් සමාජ ජාලවල රසිකයන් අතර ගීතය පිළිබඳව කතාබහක් ඇතිවී තිබීම විශේෂයි.
ජය ශ්‍රී මේ පිළිබඳව ෆේස් බුක් ඔස්සේ සජීවීව රසිකයන් අමතමින් පැහැදිලි කිරීමක් කළා. එහිදී ජය ශ්‍රී රෝහිත පවසා සිටියේ මෙවන් අදහසක්
‘සෑහෙන හාහෝවක් යනවා. ජය ශ්‍රී කියනවා. රුවිතේ කියනවා. මතුවෙන්න කියනවා. බඩු හොඳයි කියනවා. සැරයි කියනවා. ඇත්තටම අපිට කියන්න ඕන, ඕගොල්ලන්ට ගෙස් කරන්න මං දුන්නේ.
මේක සිංදුවක් ද. නැත්නම්, ජය ශ්‍රී ලා දියමන්ති බිස්නස් එකකට බැහැලද. ජය ශ්‍රීලගේ වෙනම දෙයක් ද. ඔන්න ඔහොම කියලා. ඉතිං, කොහොම වුණත් අපිට කියන්න ඕන, මෙන්න මෙච්චරයි. අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ’
ජය ශ්‍රී පවසන්නේ සිය දිගු සංගීත ගමනේ මෙය සුවිශේෂී සංධිස්ථානයක් බවයි.
ලබන 28 වනදා (සිකුරාදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් හවස 5ට එය ජය ශ්‍රී යූ ටියුබ් නාළිකාව ඔස්සේ එය රසිකයන් වෙත මුදා හැරීමට නියමිතයි.
පහත ලින්ක් එක මගින් ඔබට ජය ග්‍රී යූ ටියුබ් නාළිකාව වෙත පිවිසිය හැකි අතර, ගීතයේ මියුසික් වීඩියෝව නිර්මාණය කළ ආකාරයද එහි දැනටමත් නැරඹීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්‍රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…