දේශීය

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගෙන් අභියාචනයක්..

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කළ නියෝගයකට එරෙහිව ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත්බද කොළඹ මහාධිකරණය ගත් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අභියාචනයක් ගොනු කර තිබේ.

මාධ්‍ය සාකච්ඡාවක් සිදුකරමින් අධිකරණයට අපහාසයක් සිදුකළාදැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සහ පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කළ නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලමින් තරිඳු ජයවර්ධන මහාධිකරණයට අභියාචනයක් යොමු කර තිබිණි. එම ප්‍රතිශෝධන පෙත්සම නොතීසි නොයවාම නිශ්ප්‍රභ කිරීමට කොළඹ අංක 8 මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් පී. එස්. නිශ්ශංක මහතා පසුගිය 06 වැනිදා නියෝග කළේය.

මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගය දෝෂ සහිත බැවින් එම නියෝගය අහෝසි කර බල රහිත කරන ලෙසත්, කොටුව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයද අහෝසි කර බල රහිත කරන ලෙසත් ඉල්ලමින් නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතාගේ උපදෙස් මත නීතිඥ මනුෂිකා කුරේ මහත්මිය මගින් තරිඳු ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද අභියාචනයෙන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ප්‍රහසන වැඩසටහනකදී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ නතාෂා එදිරිසූරිය නම් තැනැත්තිය අත්අඩංගුවට ගත් බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ එම අත්අඩංගුවට ගැනීම මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබාදී ඇති නිර්දේශ හා මගපෙන්වීම් කඩ වී ඇති බවත් කියමින් මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පෙත්සම්කාර මාධ්‍යවේදියා ඇතුළුව මාධ්‍යවේදීන්, නීතිඥවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන් සහ සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මාධ්‍ය හමුවක් පැවැත්වූ බව එම අභියාචනා පෙත්සමේ සඳහන් වේ. ඉන් අනතුරුව ජුනි 07 වැනිදා නතාෂා එදිරිසූරියට අදාල පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේ දී අගතියට පත් පාර්ශ්වයේයැයි කියා ගන්නා නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් මත අධිකරණයට අපරාසයක්වීදැයි සෙවීමට තමා ඇතුළු පස් දෙනකුගේ ප්‍රකාශ ගැන පරීක්ෂණයක් කර වාර්තා කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂට නියෝග කළ බවත්, එම නියෝගය පරිගණක අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ වෙත යොමු කරන ලෙස ජුනි 21 වැනිදා කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත් එම පෙත්සමෙන් කියා ඇත.

මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතදී කරන ලදැයි කියන අධිකරණයට අපහහාස කිරීමක් ගැන සොයා බැලීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැතිවීම සහ නිසි පැමිණිල්ලක් නොමැතිව හුදෙක් අගතියට පත් පාර්ශ්වයේයැයි කියාගන්නා නීතිඥවරයකු කළ කරුණු දැක්වීමක් මත පමණක් එවැනි නියෝගයක් කිරීම වැරදි බවත් සඳහන් කරමින් මහේස්ත්‍රාත් නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා මහාධිකරණයට ප්‍රතිශෝධනයක් යොමු කළ බවද, මහාධිකරණ විනිසුරුවරයා එම ප්‍රතිෂෝධන පෙත්සම නොතීසි නොයවාම ප්‍රතික්ෂේප කිරීමට ජුලි 06 වැනිදා නියෝ කළ බව ද තරිඳු ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද අභියාචනාවේ සඳහන්වෙයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා ජුනි මස 07 වැනිදා කළ නියෝගයේ අභියාචක මාධ්‍යවේදියාගේ නම සඳහන් කර තිබියදී මහාධිකරණ විනිසුරුවරයා සිය නියෝගයේ තුන් වැනි පිටුවේ සහ හතර වැනි පිටුවේ පෙත්සම්කරුට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙසට සදහන් කර නැතැයි තීන්දු කර ඇති බවත්, එක්ස් ලෙස සටහන් කර ඇති නඩු වාර්තාවේ එක්ස් එක ලස සටහන් කර ඇති කොටසේ අභියාචකගේ නම සඳහන් කර ඇති බවත්, එය සොයා ගැනීමට විනිසුරුවරයා අපහොසත් වී ඇති බවත් අභියාචනා පෙත්සමෙන් කියයි.

විමර්ශනයක් සඳහා බලය ඇති බවට නිගමනයකට එළඹීම සඳහා මහාධිකරණ විනිසුරුවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 9(ආ)(i) වගන්තිය උපුටා දක්වා ඇති බවද, එසේ වුවද එම වගන්තියේ පළමු කොටස මහාධිකරණ විනිසුරුවරයා නොසලකා ඇති බව ද, ‘ස්වකීය ප්‍රාදේශීය අධිකරණ බලසීමාව තුළ’ ලෙස එහි සඳහන් වන බවද, මෙම සිද්ධියට අදාල මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇත්තේ කොටුව ප්‍රාදේශීය අධිකරණ බල සීමාව තුල නොව මාලිගාකන්ද ප්‍රාදේශීය අධිකරණ බල සීමාව තුල බව ද මෙම අභියාචනයේ සඳහන් කර තිබේ. එසේම එම වගන්තියේ “යම් වැරදි සම්බන්ධයෙන් මේ සංග්‍රහය යටතේ ඒ අධිකරණයට අධිකරණ බලය ඇත්තේ ද” යනුවෙන් සඳහන් වන බව ද, අධිකරණයේ අධිකරණ බලය මෙම සංග්‍රහය යටතේ ඇති වැරදිවලට සීමා වී ඇති බව ද පෙත්සම්කරු සදහන්කර තිබේ.

ඒ අනුව ප්‍රතිෂෝධන පෙත්සම ඉදිරිපත් කරද්දී අභියාචක විසින් ඉදිරිපත් කරන ලද සුවිශේෂී කරුණු සලකා බැලීමට මහාධිකරණ විනිසුරුවරයා අපහොසත් වී ඇති බව ද අභියාචක මාධ්‍යවේදියා සඳහන් කරයි.

ඒ අනුව මෙම පෙත්සම භාරගෙන වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, මහාධිකරණ විනිසුරුවරයාගේ ජූලි 06 දිනැති නියෝගය අවලං/ු කර බල රහිත කරන ලෙසත්, කොටුව මහේස්ත්‍රාත් වරයාගේ ජුනි 07 වැනිදා හා ජුනි 21 වැනිදා දිනැතිව නිතුත් කළ නියෝගය අවලංගු කර බලරහිත කරන ලෙසත් අවසන් වශයෙන් පෙත්සම්කරු ඉල්ලා ඇත.

මෙම අභියාචනය අභියාචනාධිකරණයට යොමු කරන ලෙස අද මෝසමක් මගින් මහාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

Recent Posts

චෙන්නායි හි දී ගැටුමක් දුර දිග යාමෙන් යතුරුපැදියක ගමන් ගත් ශ්‍රී ලාංකික තරුණියක් මෝටර් රථයකින් හප්පා ඝාතනය කරයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…

2 days ago

අඛණ්ඩව දෙවන වරටත් Developer of the year සම්මානයෙන් ප්‍රයිම් සමූහය ජාත්‍යන්තරය ඉදිරියේ අභිසෙස් ලබයි.

දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…

2 days ago

ගල්අ­ඟුරු ආන­ය­න­යට රජයෙන් දැඩි රීති මාලා­වක්

ලබන වසර සඳහා ගල්අ­ඟුරු ආන­ය­නය කිරී­මේදී බාල ප්‍රමි­ති­යෙන් යුත් නිෂ්පා­දන රට තුළට ඇතු­ළු­වීම වැළැ­ක්වීම සඳහා…

2 days ago

බැසිල්ට තාමත් බැරිලු – තනි­වම ගුවන් ගම­නක යන්න තරම් සෞඛ්‍ය යහ­පත් නෑ

ටපු අමාත්‍ය බැසිල් රාජ­පක්ෂ මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස නියෝග කර­මින් මාතර සහ…

2 days ago

ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව ප්‍රථම වරට රැස්වෙයි.

"සහකම්පනයෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීමට හැකි නව මුහුණුවරක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට එක් කළ යුතුයි"…

6 days ago

උතුරේ දන්සල් පැවැත්වීම ගැන සමාජ මාධ්‍යයේ යන පුවත අසත්‍යයි. – උතුරු පළාත් ආණ්ඩුකාර

මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීමට සහ වෙසක් සැරසිලි කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවයා…

1 week ago