file
මස්කෙළිය ගුලැනූජ් තේ වතුයායේ, තේ පඳුරු අතර සැඟව සිටියදී කඳුකර කොටි පැටවුන් දෙදෙනෙකු කම්කරුවන් පිරිසකට හමුව තිබුණා.
පසුව ඔවුන් එම පැටවුන් දෙදෙනා නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන්ට භාර දී තිබුණා.
එම පැටවුන් දෙදෙනා කොටි මවට රැගෙන යාම සඳහා වනජීවී නිලධාරීන් විසින් මෙහෙයුමක් 17 සහ 18 යන දිනවලදී ක්‍රියාත්මක කළා.
දිවාකාලයේ දී කොටි මව විසින් මෙසේ පැටවුන් ආරක්ෂිත ස්ථානවල සඟවා ආහාර සොයා යන බවත් ජනතාව ඔවුන් අතරමංව ඇති පැටවුන් යැයි සිතා අල්ලා ගැනීමට කටයුතු කරන බවත් වනජීවි නිලධාරීන් පවසනවා.
මෙලෙස මිනිසුන් විසින් පැටවුන් ඇල්ලීම නිසා මව් විසින් පැටවුන් රැගෙන යාම ප්‍රතික්ෂේප කරන බව වනජීවි නිලධාරීන් ප්‍රකාශ කළා.
කොටි මව විසින් තම පැටවුන්ට ලබාදෙන පෝෂණය සියයට සියක් වනජීවි නිලධාරීන්ට ලබා දිය නොහැකි බව එම නිලධාරීන් පවසනවා.
මේ හේතුවෙන් තේ පඳුරු, කුඩා කැළෑ බිම් ආශ්‍රිතව සිටියදී හමුවන කොටි පැටවුන් අල්ලා ගැනීමට යාමෙන් වැළකී හැකිතාක් එම ස්ථානයෙන් ඉවත්ව යන ලෙස වනජීවී නිලධාරීන් පවසනවා.
එලෙස කටයුතු කිරීම තුළින් ඉන් අනතුරුව කොටි මව පැමිණ තම පැටවුන් රැගෙන යාමට කටයුතු කරන බව එම නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…