file
මාස හතරෙදි ලබා දෙන සෞඛ්‍ය අමාත්‍යාංශය නියම කර ඇති එන්නත ලබා දීමෙන් ඊට පසු දින බිළිදියක් මියගොස් ඇති පුවතක් වාර්තා වෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කුළියාපිටිය, ඉහළගොමුගොමුවේ පදිංචි මාස 4ක බිළිදියකි.
ඉකුත් සෙනසුරාදා හෙට්ටිපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් බිළිඳියට එම එන්නත ලබා ගෙන ඇත.
ඉන්පසු නිවසට ගෙන ආ දරුවා පසු දින මියගොස් ඇති බව වාර්තා වෙනවා.
සෞඛ්‍ය අංශ වෙත මෙම මරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවද එය එන්නතක ගැටලුවක් නිසා සිදුවූ මරණයක් නොවිය හැකි බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.
බිළිඳියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (17) පවත්වා ඇති අතර සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා සහ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කර ඇති බව වාර්තා වෙනවා.
බිළිඳියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ඉහළ ගොමුගොමුව පොදු සුසාන භූමියේදී සිදුකර ඇත.
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…