Friday, September 11, 2026
Homeදේශීයනිවසේ ගින්නකට හසුවී කාන්තාවක් මරුට

නිවසේ ගින්නකට හසුවී කාන්තාවක් මරුට

පොල්පිතිගම පොලිස් වසමේ නාගොල්ල පන්සල පිටුපස වත්තක කාන්තාවක් පිළිස්සී මියගොස් ඇති බව වාර්තා වෙනවා.

ඊයේ (04) සවස ඒ සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසියට තොරතුරක් ලැබී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 70 ක් වූ ගලපිටගම, පොල්පිතිගම ප්‍රදේශයේ කාන්තාවකි.

ඇය නිවසේ අවට කුණු රොඩු ගිනි තබා ඇති අතර, එම අවස්ථාවේ ඇති වූ සුළං තත්ත්වයක් නිසා අවට තිබූ මානා ගස්වලට ද ගින්න ඇවිලී කාන්තාව එම ගින්න නිවා දැමීමට උත්සහ කිරීමේදී ඇයගේ ඇඳුමට ගින්න ඇවිලී ඇය ගින්නට හසුවී මියයන්නට ඇති බව පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   බැසිල් රාජපක්ෂ යළි දිවයිනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්