file
නිවිතිගල පොලිස් වසමේ නිවිතිගල ප්‍රදේශයේ සතුන් දඩයම් කිරීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනක ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
ඊයේ (14) දහවල් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ නිවිතිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු සහ පැමිණිලිකරු දැනට සති දෙකක පමණ කාලයක සිට රාත්‍රී කාලයේ අනවසරෙන් විදුලිය ලබාගෙන සතුන් මැරීමට විදුලි රැහැන් ඇද ඇති බවත් එම රැහැනක ගැටී මෙම මරණය සිදුව ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මේ අතර අනවසර විදුලි රැහැන් ඇදීමට සහය දීම සම්බන්ධයෙන් මරණකරුගේ සහෝදරයා වන පැමිණිලිකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද (15) රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…