file
කුරුන්දි විහාර පුදබිම අසල උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.
ඒ අද (14) කුරුන්දි විහාර පුද බිම තුළ පිරිසක් පොංගල් පූජාවක් පැවැත්වීමට යාමත් සමඟයි.
විහාර පුද බිම තුළ පිරිසක් අද දින පොංගල් පූජාවක් සංවිධානය කර ඇති බවට කුරුන්දි විහාර හිමියන් පසුගියදා මුලතිව් පොලිසිය වෙත පැමිණිලක් කර ඇත.
යම් නොසන්සුන්තාවයක් ඇතිවිය හැකි බැවින් එම උත්සවය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය මුලතිව් අධිකරණයට ඊයේ කරුණු දක්වා ඇති බව වාර්තා වෙනවා.
කෙසේවෙතත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අද උදෑසන කුරුන්දි පුදබිම තුළ මෙම පොංගල් උත්සවය සංවිධානය කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසිනි.
ඒ මොහොත වන විට පොලිස් නිලධාරීන් සහ පුරාවිද්‍යා නිලධාරීන් ද විහාරස්ථානය තුළ රැදී සිට තිබේ.
නිලධාරීන් අදාළ පොංගල් පූජාව පැවැත්වීමට විරෝධය පළ කර ඇති බව සඳහන්.
මේ හේතුවෙන් පසුව එම පිරිස ලිප ගිනි මෙලවීමෙන් වැළකී මල් පහන් පූජාව සිදුකර විසිර ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…