file
ලංගම දුරගමන් සේවා කාලසටහන අන්තර්ජාලයට එක්කිරීම ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදු කෙරුණා.
ඕනෑම පුද්ගලයෙකුට sltb.eseat.lk හෝ 1315.lk ජංගම දුරකථන යෙදුම ඔස්සේ ලංගම බස් සේවා ආසන වෙන් කරවා ගතහැකි බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.
1315 පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංශය ඇමතීමෙන් ද මෙම සේවාව ලබා ගත හැකියි.
ඒ අනුව වේලාව වෙන්කර ගැනීමට අවශ්‍ය බස් රථයේ ආරම්භක ස්ථානය හා ගමනාන්තය අදාළ යෙදුම ඔස්සේ බාගත කර ආසන වෙන්කරවා ගත හැකි අතර ගමන් වාරය අතරමගදී ද එම බස්රථයේ සේවාව ලබාගත හැකියි.
මෙම සේවාව ලබා ගැනීම සඳහා ජංගම දුරකථන හා පරිගණක ඔස්සේ මෙම යෙදුම (App) බාගත කරගත හැකි අතර තම නිවසේ සිටම ලංගම ආසන වෙන් කරවා ගැනීමට අවස්ථාව ලැබේ.
ඉදිරියේදී සියලුම දුර ගමන්වාර ඩිජිටල්කරණයට ලක් කෙරෙන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…