file
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මේ වන විට හරාරේ හිදී පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර යි.
තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 233ක් රැස් කළා.
ඒ පන්වාර 47යි. පන්දු 5ක් අවසානයේ දී.
පන්දුවට පහරදීමේදී සහන් ආරව්විගේ ලකුණු 57 පන්දු 71 තුළදී රැස් කළා.
කුසල් මෙන්ඩිස් ලකුණු 43ක් (52), චරිත් අසලංක ලකුණු 36ක් (36), පැතුම් නිස්සංක ලකුණු 23ක් (33), වනිඳු හසරංග ලකුණු 29ක් (21) වශයෙන් රැස් කළා.
නෙදර්ලන්තය වෙනුවෙන් Logan van Beek, Ryan Klein ,Vikramajit Singh සහ Saqib Zulfiqar කඩුලු 02 බැගින් බිඳහෙළීමට සමත් වුණා.
අවසන් මහ තරගයේ ජයග්‍රාහණය සඳහා ලකුණු 234ක ඉලක්කයක් හබා යෑමට නෙදර්ලන්තය පිටියට පිවිසීමට නියමිතයි.
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…