Thursday, July 23, 2026
Homeදේශීයහම්බන්තොට විදුලි විසන්ධිය නතර කිරීමට පියවර

හම්බන්තොට විදුලි විසන්ධිය නතර කිරීමට පියවර

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම් සහ විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථා වලදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීම සඳහා විදුලිය ගබඩා කර තබාගැනීමේ පද්ධතියක් ස්ථාපනය කිරීම ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කොරියානු ජනරජය සමඟ අත්සන් තබා ඇති ප්‍රදාන ආධාර සම්මුතිය යටතේ මෙගාවොට් 05ක ධාරිතාවයකින් යුත් මෙගාවොට් පැය 8ක් සඳහා වන විදුලි ගබඩා පද්ධතියක් ස්ථාපනය කිරීම වෙනුවෙන් අදාළ ගිවිසුම් අත්සන් කිරීම සඳහා විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 11.9 ක් ලබාදීමට කොරියානු රජය එකඟතාවය පළ කර ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

අදාළ කැබිනට් නිවේදනය පහතින්,

READ:   ආනයනය සීමා පැනවීමෙන් රුපියල් බිලියන 526ක ඉතිරියක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්