ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් මහතා විදෙස් ගත වී තිබෙනවා.
අද උදෑසන ඔහුගේ මුහුණු පොතේ ඒ බව සටහන් කර තිබුණා.
අප කල විම සීමකදී ඔහු කියා සිටියේ තමන් ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිය සඳහා යන බවයි.
ධම්මික ප්‍රසාද් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් කඩුලු 75ක් සහ එක්දින තරඟවලදී කඩුලු 32ක් ලබා ගෙන තිබෙනවා.
අබාදයක් නිසා තාවක කාලිකව ප්‍රතිකාර කිරීමට කන්ඩායමෙන් ඉවත් වු අතර පසු ඔහුට කණ්ඩායමේ
ස්ථානයක් හිමි වුනේ නැහැ
ආබාධයකට ලක්වීමෙන් ප්‍රතිකාර ගැනීම සඳහා තාවකාලිකව කණ්ඩායමෙන් ඉවත් වූ ධම්මික ප්‍රසාද් දිගු කාලයක් කණ්ඩායමට එක් වීමේ බලාපොරොත්තුවෙන් සිට යළි කණ්ඩායම තුළ ස්ථානයක් හිමි නොවීම හේතුවෙන් 2015 වර්ෂයේ නවසීලන්තයට එරෙහි තරඟයෙන් පසු ඔහු ජාත්‍යන්තර පිටියට සමුදුන්නා.








