Saturday, June 6, 2026
Homeදේශීයනෙදර්ලන්තයට එරෙහි තරඟයේ ජය ශ්‍රී ලංකාවට

නෙදර්ලන්තයට එරෙහි තරඟයේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයේ තීරණාත්මක තරඟයක් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (20) පැවැත්වුණා. තරඟයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 79ක් පන්දු 44 කදී රැස් කළා.

චරිත් හසලන්ක ලකුණු 30ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 19ක් වශයෙන් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 146 ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 3 ක්, මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක්, ළහිරු කුමාර හා බිනුර ප්‍රනාන්දු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවැති තරඟය ලකුණු 16 කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත් අතර තරඟාවලියේ සුපිරි 12 වටයට පිවිසීමට ශ්‍රී ලංකා කණ්ඩායම අවස්ථාව හිමිකරගත්තා.

READ:   16 හැවිරිදි කළුතර පාසල් සිසුවිය අවසන් ගමන් යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්