Saturday, April 18, 2026
Homeදේශීයඅරගලයට වඩා ලොකු පිපිරීමක් ඉදිරියේදී වෙන්න පුළුවන් - නීතිඥ සාලිය පීරිස් (VIDEO)

අරගලයට වඩා ලොකු පිපිරීමක් ඉදිරියේදී වෙන්න පුළුවන් – නීතිඥ සාලිය පීරිස් (VIDEO)

පුද්ගලයාට හිමිව ඇති ස්වෛරී අයිතියික් වන භාෂණයේ නිදහස නීතියේ සමීප කොටසක් බව ජනාධිපති නීතිඥ, නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන අංගයක් වන මූලික අයිතිවාසිකම් වලට අයත් ප්‍රධානතම අංගයක් ලෙස භාෂණයේ නිදහස හඳුන්වා දිය හැකි බව නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන් පස් දෙනෙකුගෙන් යුත් ආසනයකින් ලබා දුන් නඩු තීන්දුවක් වන ” ජෝශප් පෙරේරා එදිරිව නීතිපති “ නඩු තීන්දුව ගෙනහැර දක්වමින් එතුමන් ප්‍රකාශ කර සිටියේ භාෂණයේ නිදහස මත පුද්ගලයාට හිමිවෙන අනෙකුත් අයිතිවාසිකම් ද රඳා පැවතීම නිසා පුද්ගලයාට භාෂණයට හිමිව ඇති නිදහස අතිශ්‍යයින්ම වැදගත් වන බවයි.

නීතිඥ සංගමය වශයෙන් භාෂණයේ නිදහස (විසම්මුතියේ අයිතිය ) සුරක්ෂිත කරලිම උදෙසා විශේෂ අවධානයක් යොමුකර සිටි බව එතුමා පවසනවා. කෙනෙකුගේ භාෂණයේ නිදහස අසාමාන්‍ය විදිහට සීමාවීම යනු එතැන් පටන් ඔහුගේ අනෙකුත් අයිතිවාසිකම් වලට ද බලපෑම් ඇතිවීමක් බවයි එතුමන් පෙන්වා දෙන්නේ. උදාහරණයක් ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය, සිතීමේ අයිතිය වැනි අයිතීන්ට එමගින් බලපෑම් එල්ලවිය හැකි බව එතුමන් පවසනවා.

එමෙන්ම සමානාත්මකතා අයිතිය, ශරීරික නිදහස, අත්තනොමතිකව අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබාගැනීමට එරෙහිව , නිදහස , ජීවත්වීමේ අයිතිය.. යන සියලූම තැන්වලදී පුද්ගලයාට භාෂනයේ නිදහස වැදගත්වන බව නීතිඥවරයා ප්‍රකාශ කළා.

භාෂණයේ අයිතිය සීමා කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15වන ව්‍යවස්ථාව ප්‍රකාරව බව පෙන්වා දෙන නීතිඥ වරයා එහිදී 15 – 01 සහ 15 – 02 යන සීමාකිරීම් ඉතා වැදගත් වන බව පෙන්වා දෙනවා.

ආගමික සහ වාර්ගික සහියෝගිතාවය සඳහා, අධිකරණයට අපහාස කිරීම වැළැක්වීමට, පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කිරීම සඳහා , අපහාසය සහ වරදක් කිරීම සඳහා උසිගැන්වීම වැනි අවස්ථාවන්හීදී.. භාෂණයේ අයිතිය සීමා කළ හැකි බව පවසන එතුමා, එසේ සීමාකරන්නේ නම් එය කළ හැක්කේ නීතිමය රාමුවක් හරහා පමණක් බව ද පෙනවා දෙනවා. උදාහරණයක් ලෙස ගාලුමුවදොරදී විරෝධය දක්වමින් සරුංගල් යැවීම සීමා කිරීමට පොලිසියට බලයක් නැති බව එතුමා ප්‍රකාශ කළා.

READ:   ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

සීමාවන් පනවනම් නීතිය මගින් පමණක් පැනවිය යුතු අතර පොලිසියට හා පොලිස් ස්ථානාධිපතිවරුන්ට පුද්ගලයාගේ භාෂණයේ අයිතිය සීමා කිරීම සඳහා තීරණ ගත නොහැකි බව නීතිඥවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්