file
ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සැත්කමකින් පසු කාන්තාවකට ලබාදුන් කියන නිර්වින්දන ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා.
ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා ඊයේ (07) මේ බව මාධ්‍යයට පැවසුවා
ජාතික අක්ෂි රෝහලේදී ඉකුත් 4වනදා සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර ලබාදුන් නිර්වින්දන එන්නතකින් පසු හෘදය අකර්මණ්‍ය වීමෙන් කාන්තාවක් මිය ගියා.
මෙලෙස මියගියේ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු මවකි.
මීට සති දෙකකට පමණ පෙරදී ඇසට කාච දැමීම සඳහා ඇය සැත්කමකට භාජනය කර ඇති අතර එලෙස දැමූ කාචය නිවැරදි අයුරින් ඇස තුළ පිහිටා නැති බැවින් යළි ශල්‍යකර්මක් සිදු කර ඇත.
එම ශල්‍යකර්මය සිදුකිරීමේදී සිහි නැති කිරීම සදහා විදින ලද එන්නතින් පසු ඇය මියගිය බව ඇයගේ ස්වාමි පුරුෂයා පවසයි.
මොවුන් දෙදෙනාට වයස අවුරුදු 17ක සහ 10ක දියණියන් දෙදෙනෙකු සිටි.
ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…