Sunday, April 19, 2026
Homeදේශීයදෙදරු මවකට දිවි අහිමි කළ බව කියන එන්නත අක්ෂි රෝහල ඉවත් කර ගනී..

දෙදරු මවකට දිවි අහිමි කළ බව කියන එන්නත අක්ෂි රෝහල ඉවත් කර ගනී..

ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සැත්කමකින් පසු කාන්තාවකට ලබාදුන් කියන නිර්වින්දන ඖෂධ කාණ්ඩය භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා.

ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂවරයා ඊයේ (07) මේ බව මාධ්‍යයට පැවසුවා

ජාතික අක්ෂි රෝහලේදී ඉකුත් 4වනදා සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර ලබාදුන් නිර්වින්දන එන්නතකින් පසු හෘදය අකර්මණ්‍ය වීමෙන් කාන්තාවක් මිය ගියා.

මෙලෙස මියගියේ කොස්ගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු මවකි.

මීට සති දෙකකට පමණ පෙරදී ඇසට කාච දැමීම සඳහා ඇය සැත්කමකට භාජනය කර ඇති අතර එලෙස දැමූ කාචය නිවැරදි අයුරින් ඇස තුළ පිහිටා නැති බැවින් යළි ශල්‍යකර්මක් සිදු කර ඇත.

එම ශල්‍යකර්මය සිදුකිරීමේදී සිහි නැති කිරීම සදහා විදින ලද එන්නතින් පසු ඇය මියගිය බව ඇයගේ ස්වාමි පුරුෂයා පවසයි.

මොවුන් දෙදෙනාට වයස අවුරුදු 17ක සහ 10ක දියණියන් දෙදෙනෙකු සිටි.

READ:   ශ්‍රී ලාංකික හිමිනමක් විසින් රචිත MINDFULNESS IN PLAIN ENGLISH - භාවනාව පිළිබඳ ලොව හොඳම අත්පොත් 8 අතරට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්