file
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ සත්කාරක සිම්බාබ්වේ අතර අද පැවති තරගය කඩුලු 09කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව මෙවර එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.
තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුයෑවීමට තීරණය කළා.
පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 32යි පන්දු දෙකක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 165ක් පමණයි.
සුපිරි පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 04 ක් දවා ගත්තා.
ඩිල්ෂාන් මධුසංඛ ලකණු 15කට කඩුලු 03ක් සහ මතීෂ පතිරණ ලකුණු 18කට කඩුලු 02 ක් දවාගත්තා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 166ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33යි එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 169ක් ලබා ගනිමින් එම ඉලක්කය පසුකර ගියා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 101ක් රැස් කළා.
ඒ පන්දු 102 ක දී.
දිමුත් කරුණාරත්න ලකුණු 30ක් (56) කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25ක් (42) වශයෙන් ලබාගත්තා.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…