Saturday, August 15, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව 2023 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි..

ශ්‍රී ලංකාව 2023 ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි..

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ සත්කාරක සිම්බාබ්වේ අතර අද පැවති තරගය කඩුලු 09කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව මෙවර එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුයෑවීමට තීරණය කළා.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 32යි පන්දු දෙකක් තුළ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 165ක් පමණයි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 04 ක් දවා ගත්තා.

ඩිල්ෂාන් මධුසංඛ ලකණු 15කට කඩුලු 03ක් සහ මතීෂ පතිරණ ලකුණු 18කට කඩුලු 02 ක් දවාගත්තා.

ජයග්‍රාහණය සඳහා ලකුණු 166ක ඉලක්කයක් හබා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 33යි එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 169ක් ලබා ගනිමින් එම ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක නොදැවී ලකුණු 101ක් රැස් කළා.

ඒ පන්දු 102 ක දී.

දිමුත් කරුණාරත්න ලකුණු 30ක් (56) කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 25ක් (42) වශයෙන් ලබාගත්තා.

READ:   ආනයනික සහල්වල බැර ලෝහ පවතින බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ වාර්තාවක් ?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්