file
පසුගිය සිකුරාදා (02) රාත්‍රී 7.30ට පමණ ඉන්දියාවේ නැගෙනහිර ඔඩිසා ප්‍රාන්තයේ දී දුම්රිය තුනක් එකිනෙකට ගැටීමෙන් බිහිසුණු දුම්රිය අනතුරක් සිදුවුණා.
අනතුරින් මේ වන විට පුද්ගලයන් 288 දෙනෙකු පමණ මියගොස් දහසකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම සියවසේ ඉන්දියාවේ සිදුවූ දරුණුතම දුම්රිය අනතුර වන මින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි ඉන්දිය මාධ්‍ය පැවසුවේ.
අනතුරින් දුම්රිය මැදිරි අතර සිරවී සිටි පිරිස බේරා ගැනීමට ප්‍රදේශවාසින් ආරක්ෂක අංශ ඇතුළු පිරිස මහත් උත්සහයක් දරා තිබුණා.
මේම අනතුර දුම්රිය සංඥා පද්ධතියේ සිදුවූ දෝෂයක් හේතුවෙන් සිදුව ඇති බව පැවැත්වූ විශේෂ විමර්ශනයකින් අනාවරණය වී තිබේ.
මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඉන්දියාවේ දුම්රිය අනතුර ගැන තමන් දැඩි ලෙස කම්පාවට පත්වූ බව නිවේදනය කර තිබුණා.
කෙසේවෙතත් 1981 බිහාර් ප්‍රාන්තයට බලපෑ දරුණු සුළි කුණාටුවත් සමග මගී දුම්රියක් පීලි පැන ඟගකට වැටීමෙන් සිදුවූ අනතුරින් පසු සිදුවූ දරුණුතම දුම්රිය අනතුර මේ බව ඉන්දීය වාර්තා සඳහන් කරනවා.
එම අනතුරින් මගීන් 800 ක් මියගොස් තිබුණා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…
2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්යාගමික පූජා ප්රසාදින් වහන්සේලා…