දේශීය

ගොන්ටා දාලා එයා ගිහින්….

රූපවාහිණී විකාශන කාලය රටක දරුවන් ගේ ජීවිත තරම් වටින්නෙ නැති කාලෙ ලංකාවෙ රූපවාහිණී අධ්‍යාපන සේවය කියලා එකක් තිබ්බා.

පාසල් නිවාඩු කාලෙ හැමදාම උදේට හැම වයසකම පාසල් දරුවන්ගේ මනස ට වැදගත් දේවල් අධ්‍යාපන සේවයෙන් අරගෙන ආවා.

අධ්‍යාපන සේවය ගැන තියෙන මතක අතරේ තියෙන හොඳම මතකය ගොන්ටා.

File

ගොන්ටා හිටියේ ” කැන් යූ ඩූ ඉට්” එහෙමත් නැත්නම් ” ඩිල්කිරූකානා” කියන ඉංග්‍රීසි හඬකවපු ජපන් වැඩසටහනක. එතකොටත් වැඩසටහන අවුරුදු විස්සක් තිහක් පරණයි.

එ වැඩසටහනේ ගුරුවරයා ” නොපෝ”. ජපන් විදිහට ” නොපෝ සාං “. . එයා තමයි ගොන්ටාට එක එක අත්වැඩ කියලා දෙන්නේ.

file

එයා ගොන්ටා එක්ක එකතු වෙලා පුදුම ලස්සන නිර්මාන කලා. අවට තියෙන පලතුරු ගෙඩියක්, කඩදාසි කොලයක් , යෝගට් කෝප්පයක් වගේ ඕනම දෙයක් නොපෝ සාං අතින් ලස්සන අත් වැඩක් බවට හැරවුණා.

file

මුල් ළමා විය සංවර්ධනය කියන අතිශය වටිනා සංකල්පය ලංකාවට ඇවිත් තියා ඉන්දියන් සාගරයේ වත් ගෑවිලා නැති කාලෙක නොපෝ හරි පුදුම විදිහට අපේ මුල් ළමාවිය සංවර්ධනය කළා. අපිට කළාව කියලා දුන්නා.

ජීවිතේට දැකලා වත් නැති දරුවන් ලක්ෂ ගණනක යේ මනස දියුණු කරන්න ජීවිතයම කැප කරපු නොපෝ, ඒ කියන්නේ ” එයි ටකාමි ” කියන සුන්දර මනුස්සයා අවුරුදු 88ක් ජීවත් වෙලා 2022 මැයි 10 වෙනිදා මිය ගිය පුවත 1967 ඉඳන් 1990 විතර වෙනකල් මේ වැඩසටහන නිශ්පාදනය කරපු ජපානයේ NHK ආයතනය නිවේදනය කරලා තිබුනා.

ඔහු නැතුව ගොන්ටාට තනියම අත්වැඩ කරන්න බැරි වුනත් ඔහු ගෙන් ඉගෙනගත්ත , ඔහු නිසා මුල් ළමාවිය ලස්සන කරගත්ත ගොඩක් දරුවෝ අදටත් ලෝකෙ තැන් තැන් වල හරි ලස්සනට අත් වැඩ කරනවා ඇති.

file

සුබ ගමන්.. දයාබර නොපෝ..

උපුටා ගැනීම – #nuwanthotawaththa

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

2 days ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

2 days ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

4 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

4 days ago