දේශීය

පාස්කු ප්‍රහාරයට වසරකට පෙර අල්කයිඩා මොළකරුවන් 5ක් වනාතවිල්ලුවේදී සැලසුම හදලා – පොලීසිය

ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගු වට ගත් අල්කයිඩා ත්‍රස්තයාගේ කට උත්තරය ඔස්සේ රහස් රැසක් එළියට

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට වසරකට පෙර අල්කයිඩා ත්‍රස්තවාදි කණ්ඩායමේ ප්‍රබල සමාජිකයන් කිහිප දෙනකු මෙරටට පැමිණ, පුත්තලම වනාතවිල්ලුවේ ලැක්ටෝවත්තේදී පාස්කු ප්‍රහාරය සැලසුම් කර ඇති බවට කරුණු අනාවරණය වන බවට පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අල්කයිඩා ත්‍රස්තවාදි කණ්ඩායම හා විදේශීය ත්‍රස්තයන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ගෙන් නැවත කරන ලද ප්‍රශ්න කිරීමේදී මේ කරුණු අනාවරණය වී ඇත.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු වන මොහොමඩ් අබ්දුල්ලා හක් නැවත ප්‍රශ්න කිරීම සදහා ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත ඉකුත් 21 ගෙන ගොස් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී මේ බව අනාවරණය වී තිබේ.

ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායම් සමාජිකයකු විසින් කරන ලද ප්‍රකාශවලට අනුව එරට රජය විසින් ත්‍රස්ත විමර්ශන ඒකකයට දැනුම් දෙන ලද වාර්තාවලට අනුව පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු බව කියන දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුගෙන් යළි ප්‍රශ්න කරමින් පාස්කු ප්‍රහාරයේ ඉදිරි විමර්ශන සිදු කිරීමට ක්‍රියා කරන බවට ත්‍රස්ත විමර්ශන ඒකකය අධිකරණය කරුණු වාර්තා කරමින් ඉකුත් 21 දින මේ අවසරය ගෙන තිබිණ.

ඒ අනුව සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී 2018 වසරේ පස්දෙනකුගෙන් යුතු අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායමක් දිවයිනට පැමිණ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් නිරීක්ෂණය කර ප්‍රහාරයට සැලසුම් සකස් කර ඇති බවට මෙහිදී තොරතුරු අනාවරණය වී තිබේ. ත්‍රස්ත විමර්ශන ඒකකය ඊයේ (28) මෝසමක් ගොනු කරමින් අබ්දුල්ලා විසින් විදේශ ත්‍රස්තයන් සමඟ සබදතා පැවැත්වූ ජංගම දුරකතනය ඔහුගේ මිතුරකු වන, දැනට පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ තවත් ප්‍රධාන සැකකරුවකු වන මොහොමඩ් ෆවුසාන්ගේ බවට ‍තොරතුරු අනාවරණය කර ඇති බැවින් එම සැකකරුද නැවත ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 1948 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මේ ඉල්ලීම කරන බව සඳහන් කළ ත්‍රස්ත විමර්ශන ඒකකය ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායමේ ශ්‍රී ලාංකික සමාජිකයා වන බේරුවල පදිංචි රුක්මන් තාලිබ් නමැති අය විසින් කරන ලද ප්‍රකාශවලට අනුව මේ විමර්ශනය සිදු කරන බව සඳහන් කළේය.

දැනට පල්ලකැලේ බන්ධනාගාරයේ රඳවා සිටින මොහොමඩ් ෆවුසාන් නමැති සැකකරු මාවනැල්ල බුදු පිළිම සිද්ධියේ මෙන්ම පුත්තලම වනාතවිල්ලුව ලැක්ටෝවත්ත අවිගබඩාව සම්බන්ධ නඩුවේද ප්‍රධාන සැකකරුවෙක් වේ. තවද පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධිත ප්‍රධාන නඩුවේ මොහු ඇතුළු සැකකරුවන් 24කට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ‍ගොනු කරමින් නඩු විභාගයක් පැවැත්වෙන අතර, පාස්කු ප්‍රහාරයට ආයුධ සැපයීම සම්බන්ධයෙන්ද මොහු ඇතුළු තවත් සැකකරුවන් අට දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළ නඩුවක් විභාග වෙමින් පවතී.

අදාළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා දැනට පල්ලෙකැලේ බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරු මේ මස 28 දින සිට දින තුනකට ත්‍රස්ත ඒකකයේ රඳවා තැබීමට අවශ්‍ය පහසුකම් සලකා දෙන‍ ලෙස බන්ධනාගාර අධිකාරිවරයා වෙත නියෝග නිකුත් කළේය.

සිරන්ජනි කුමාරි

:උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

Recent Posts

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන් රජයට ප්‍රසාදය

පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…

23 hours ago

කාදිනල්තුමා හා ජනපති අතර හමුවක්. සිරිල් ගාමිණී ඇතුළු පියතුමන්ලාත් ඇවිත්පාස්කු විමර්ශන ප්‍රගතියත් කතාබහට

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…

23 hours ago

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

3 days ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

3 days ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

3 days ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

3 days ago