Monday, June 29, 2026
Homeදේශීයපැය 48ක් තුළ ලොව පුරා භූ කම්පන 2289ක්

පැය 48ක් තුළ ලොව පුරා භූ කම්පන 2289ක්

5.6ක භූ කම්පනයකින් සුමාත්‍රා දූපත සෙලවෙයි

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ බටහිර ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 5.6ක අගයකින් යුතු භූ කම්පනයක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ අලුයම 4.36ට සිදු වූ මේ භූ කම්පනය සුමාත්‍රා දූපත ආසන්නයේ පිහිටි ජම්බි පළාතට දැනී ඇත. කෙසේ වුවද මේ භූ කම්පනයෙන් සුනාමි තත්ත්වයක් උද්ගත නොවූ බව ද වැඩිදුරටත් වාර්තා වේ.

ඒ අනුව (ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරු 6.30 වන විට) අවසන් පැය 48ක් ඇතුළත ලොව පුරා වාර්තා වූ භූ කම්පන සංඛ්‍යාව 2289ක් බව ලෝක භූ කම්පන සංඛ්‍යා ලේඛන වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

එම භූ කම්පන අතුරින් 1234ක් රිච්ටර් මාපකයේ 2.0ට වඩා අඩු සුළු භූ කම්පන වශයෙන් වාර්තා වී ඇති අතර, තවත් 721ක් රිච්ටර් මාපකයේ 2-3 අතර අගයකින් යුතු භූ කම්පන බවට වාර්තා වේ. මීට අමතරව රිච්ටර් මාපකයේ 3-4 අතර අගයකින් යුතු භූ කම්පන 230ක් ද, 4-5 අතර අගයක් ගත් භූ කම්පන 80ක් ද වාර්තා විය. රිච්ටර් මාපකයේ 5-6 අතර අගයකින් යුතු භූ කම්පන 13ක් සහ රිච්ටර් මාපකයේ 6.0ට වඩා අගයකින් යුතු භූ කම්පනයක් ද ගත වූ පැය 48 ඇතුළත වාර්තා වී ඇතැයි එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත.

අමෙරිකාවේ ජාතික භූ කම්පන තොරතුරු මධ්‍යස්ථානයට සහ නාසා ආයතනයට අනුව වර්තමානයේදී සෑම වසරකම ලොව පුරා භූ කම්පන විසිදහසක් පමණ සිදු වන අතර, එය දිනකට ආසන්න වශයෙන් 55කි. ඒ අනුව අවසන් පැය 48 ඇතුළත ලොව පුරා සුළු හෝ මධ්‍යම පරිමාණයේ භූ කම්පන දෙදහසකට වැඩි ප්‍රමාණයක් වාර්තා වීම අසාමාන්‍ය සිදුවීමක් බවට ද ඇතැම් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. කෙසේ වුවද පැය 24ක් ඇතුළතදී පවා භූ කම්පන 2,750ක් පමණ සිදුවිය හැකි බව අමෙරිකාවේ ජාතික භූ කම්පන තොරතුරු මධ්‍යස්ථානය සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

READ:   රෝගීන්ගේ රහස්‍යභාවය හේතුවෙන් මරණ ගැන සම්පූර්ණ වාර්තාව හෙළි කළ නොහැකියි! සෞඛ්‍ය ඇමති

උපුටා ගැනීම – දිනමිණ පුවත්පත

RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්