දේශීය

මගී ජීවිත 600ක්‌ බේරාගත් හපුතලේ විරුවාට රජයෙන් උපහාර

පසුගිය අප්‍රේල් මස 8 වෙනිදා සවස කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රිය ගමන්ගත් මාර්ගයට හපුතලේ ග්ලැනෝර් වතුයායේ රේල් ගේට්ටුව ආසන්නයේ දැවැන්ත ගසක් පෙරලීම නිසා මාර්ගය අවහිරවී තිබිණි.

එහි දී සිදුවීමට ගිය විශාල ජීවිත සහ දේපල විනාශයක් වළක්වා ගැනීමට ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් දුම්රිය ගමන් ගන්නා මාර්ගයට පැමිණ දුම්රියට අනතුර පිළිබඳ සංඥා කරමින් දුම්රිය නතර කිරීමට කටයුතු කළ තංගමලේ වතුයායේ මුරකරුවකු ලෙස සේවය කරන හපුතලේ එච්. එම්.විජයරත්න මහතා ජීවිතය පවා පරදුවට තබමින් සිදුකළ වීර ක්‍රියාවට උපහාර දැක්විම සඳහා විශේෂ උත්සවයක් හපුතලේ දුම්රිය ස්ථානයේදී පැවැත් වුණා.

විජයරත්න මහතා විසින් සිදුකරන ලද වීර ක්‍රියාව අගය කරමින් ඔහු විසින් කරන ලද මෙහෙවර වෙනුවන් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනමන්නට ප්‍රවාහන හා මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව කටයුතු කර තිබිණි.

මෙම අවස්ථාව අමතමින් අදහස් පළ අමාත්‍යවරයා,

පොදු ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සලසා දීම උදෙසා දුම්රිය සේවය සිදු කරන්නේ ජාතික මෙහෙවරක්. විශේෂයෙන් ම ස්වභාව සෞන්දර්යෙන් අනුන උඩරට දුම්රිය මාර්ගයට දෙස් විදෙස් සංචාරකයින්ගේ විශාල ආකර්ෂණයක් පවතිනවා. එවන් අවස්ථාවක මඟීන්ගෙන් පිරුණු දුම්රියක ජීවිත සහ දේපල ආරක්ෂාව පිළිබඳ වගකීම ඉතාමත් ඉහලයි. එවැනි තත්ත්වයක් යටතේ සිය ජීවිතය පිළිබඳ පවා නොතකමින් රටට, මිනිසුන්ට ආදරය කරන මිනිසකු ලෙස එච් එම් විජේරත්න මහතා සිදුකළ නිර්භීත ක්‍රියාව නිසා ජීවිත විශාල ගණනක් අනතුරට පත්වීම වැළකුණා.
ඕනෑම අයෙකුට විනාශයක් සිදු කිරීම ඉතාමත් පහසුයි. අපි තිස්‌ වසරක යුද්ධය ඇතුළුව විනාශය දිගු කාලයක් අත් දුටු ජාතියක්. නමුත් විනාශයක් සිදු කරන අය වීරයන් වන්නේ නැහැ. තමන් ගැන පමණක් සිතන ලෝකයක අන් අය ගැන සිතමින් විජයරත්න මහතා සිදුකල මේ නිර්භීත කටයුත්ත උදෙසා ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි.

රජයේ මාධ්‍ය අංශය:

Recent Posts

Prime Lands earns Australian recognition for Sri Lanka investment push

Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…

1 day ago

ලංකාවේ Property ලෝකෙට අරන් ගිය Primeට ඕස්ට්‍රේලියාවෙන් Recognition එකක්

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…

1 day ago

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියන 02 ඉක්මවූ බදු ආදායමක් උපයයි

2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…

1 week ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජෙට් A-1 නළ මාර්ග සහ තෙල් ටැංකි ව්‍යාපෘතී සමාරම්භය අද ජනපති ප්‍රධානත්වයෙන්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…

1 week ago

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

1 week ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

1 week ago