දේශීය

නීතිඥ සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධයට විරෝධතාකරුවන් ගෙනාව හැටි මාට්ටු (VIDEO)

ජනාධිපති නිතීඥ සලිය පීරිස් මහතාගේ නිවස ඊයේ (24) පැවති විරෝධතාවය සඳහා වෑන් රථයක් මඟින් විරෝධතාකරුවන් ගෙන් වන ආකාරය දැක්වෙන විඩියෝවක් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබෙනවා.

අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටින නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා ‘ නැමැත්තා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඉදිරිපත් වනවා යැයි චෝදනා කරමින් මෙම විරෝධතාවය ඊයේ සංවිධානය කර තිබුණා.

සිය ඥාතින් ඝාතනය කළ ‘හරක් කටා ‘ නැමති අපරාධකරුවා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිස පීරිස් මහතා ඉදිරිපත් වීම යුක්තිසහගත නොවන බවත් පොලීසියෙන් හෝ නීති මාර්ගයෙන් තමන්ට මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත් විරෝධතාකරුවන් පවසා සිටියා.

‘හරක් කටා ‘ නොහොත් නඳුන් චින්තක රටින් පැනගොස් සිටියදී මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන ගෙවුණු 15 වන දා මෙරටට රැගෙන එනු ලැබවා. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහු දින 90ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර හිමි වූයේ ඉන් අනතුරුවයි.

අදාළ විඩියෝව පහතින්,

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

10 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

10 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

10 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

10 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

11 hours ago