ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද ජූනි 17 වනදා සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කෘතීම ලෙස වර්ණ ගැන්වූ හෝ වර්ණ නොගැන්වූ සුදු සිමෙන්ති කිලෝ 1ක් සඳහා පනවා තිබූ රුපියල් 3ක සෙස් බද්ද රුපියල් 5ක් දක්වා ඉහළ දමා ඇත.
මේ අතර කිලෝ 50ට සහ ඊට අඩු ඇසුරුම්වලින් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමේන්ති කිලෝග්‍රෑම් 1ක් සඳහා වූ රුපියල් 5ක සෙස් බද්ධ රුපියල් 8 දක්වා ඉහළ දමා ඇති බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කරයි.
කිලෝග්‍රෑම් 50 සහ ඊට වැඩි ඇසුරැම්වලින් තොග වශයෙන් ආනයනය කරනු ලබන අනෙකුත් පෝට්ලන්ඩ් සිමෙන්ති කිලෝගෑම් 1ක් සඳහා අයකළ රුපියල් 3ක බද්ධ රුපියල් 5 දක්වා ඉහළ දමා ඇත.


