විශ්වවිද්‍යාල සිසුන්ට සදාචාරාත්මක අයිතිය ඇත්තේ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීමට නොව පර්යේෂණ හා අධ්‍යයනයන්හි නිරතව පවතින ගැටලු වලට විසදුම් සෙවීම සඳහා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පවසනවා.
පසුගියදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති අතුල සේනාරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් තමන් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මෙන්ම පෞද්ගලිකවත් කණගාටුවට පත්වන අතර එම පහරදීම තරයේ හෙලාදකින බව ඒ මහතා පැවසුවා.
හිටපු උපකුලපතිවරයාට පහරදීම සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක විය යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
සුළුතරයක් වන දේශපාලනික අවශ්‍යතාවන් ඉටුකරලීම සඳහා විශ්වවිද්‍යාල සිසුන් මැදිහත් නොවිය යුතු බව පෙන්වා දෙන ඒ මහතා විශ්වවිද්‍යාල සිසුන් ඊළඟ පරපුරට පරමාදර්ශී ආකාරයට හැසිරිය යුතු බව අවධාරණය කර සිටියා.
මහජන බදු මුදලින් නිදහස් අධ්‍යාපනය සහ මහපොළ ඇතුළු දීමනා ලබන විශ්වවිද්‍යාල සිසුන්ට සදාචාරාත්මක අයිතය ඇත්තේ ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීම සඳහා නොව පර්යේෂණ හා අධ්‍යයනයන්හි නිරතව පවතින ගැටලු සඳහා ධනාත්මකව විසදුම් සෙවීම සඳහා බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…