සම සුදු කිරීම සඳහා යොදාගන්නා එන්නත් භාවිත කිරීම කිසිසේත් ආරක්ෂාකාරී භාවිතයක් නොවන බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහත්මිය පවසනවා.
ප්‍රතිඔක්සිකාරක යැයි සිතා අවධානමක් නොගෙන මෙම එන්නත් තමන්ගේ ශරීරයට එන්නත් කර ගත්තද සුදු පැහැය පවත්වා ගැනීම සඳහා දිගින් දිගට ලබාගත යුතු මෙම එන්නත් වල ආරක්ෂාකාරී බව ලෝකයේ කිසිම රටක් මෙතෙක් අනුමත කර නොමැති බවයි වෛද්‍යතුමිය පැවසුවේ.
එමෙන්ම මෙම එන්නත් කරගැනීම් තුළින් ඇතිවිය හැකි අතුරු ආබාධයන් බහුල විය හැකි බව වෛද්‍යවරිය පෙන්වා දෙනවා. අක්මාවට බලපෑම් කිරීම, වකුගඩු ආබාධයන්ට ලක්වීම, භායනක ආසාත්මිකතා ඇතිවීම වැනි බරපතළ ප්‍රතාවිපාක රැසක් ඒ අතර වන බවයි විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහත්මිය අවධාරණය කර සිටියේ.
මෙලෙස ගැටලු ඇතිවිය හැකි නිසා එම එන්නත් ලියාපදිංචි කිරීම සඳහා අවසර ලබාදී නැති බව පවසන වෛද්‍ය තුමිය මෙම එන්නත් ආලේපන සහ පෙති වශයෙන් ද භාවිත කිරීමට පෙළඹී ඇති බව පෙන්වා දෙනවා. එහෙත් මෙම ආලේපෙන සහ පෙති භාවිතය මඟින් සම සුදු වන්නේද යන්න පිළිබඳව නිවැරදි පරීක්ෂණ නොමැති බව එතුමිය ප්‍රකාශ කළා.
යම් කිසි වෙනසක් ශරීරය තුළින් ඇති වූවද එන්නත්, ආලේපන සහ පෙති යන මෙම සියල්ල දිගුකාලීන භාවිතය නිසා විශාල ප්‍රතිවිපාක රැසකට මුහුණදීමට සිදුවිය හැකි බවයි චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ වෛද්‍යතුමිය වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
එතුමිය මේ බව ප්‍රකාශ කර සිටියේ සම සුදු කිරීම සඳහා යොදාගන්නා භාවිතයන්ගේ අවධානම පිළිබඳ රජයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා ඊයේ (09) සම්බන්ධ වෙමිනි.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…