දේශීය

ඩෙංගු නැවතත් හිස ඔසවයි

පැවති අධික වර්ෂාව සහිත කාලගුණය සමඟ ඩෙංගු ව්‍යාප්තිය නැවතත් හිස එසවීමේ දැඩි අවධානම් තත්වයක් මතුව ඇති බව වෛද්‍යවරුන් පවසනවා.

මෙම වසරේදී පමණක් ඩෙංගු යැයි සැක කරන රෝගීන් 62,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් 2021 වර්ෂයට සාපේක්ෂව රෝගීන් වාර්තාවීම තුන්ගුණයකට ආසන්නව ඉහළ ගොස් ඇතා බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙනවා දෙනවා.

මෙම වසර තුළදී ඩෙංගු රෝගීන් 60 දෙනෙකු පමණ මිය ගොස් ඇති බවත් මිය ගිය බහුතරයක් රෝගීන් ළමා හෝ තරුණ වයසේ පසුවන සක්‍රීය පිරිස වන බවයි එතුමන් පවසන්නේ.

නිවාස, කාර්යාල, පාසැල් සහ ආගමික ස්ථානයන්.. බහුලව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බව විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ පවසනවා. එනිසා එම ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යමින් මදුරුවන් බෝ නොවන ස්ථානයන් බවට පත්කරගැනීමේ දැඩි අවශ්‍යතාවක් පවතින බවයි එතුමිය පවසන්නේ.

මොනයම්හෝ උණ තත්වයක් පැය විසිහතරක කාලයක් පවතිනවා නම් හැකි ඉක්මනින් සුදුසුකම් ඇති වෛද්‍යවරයෙකු වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබාගන්නා ලෙස වෛද්‍යවරුන් ජනතාවට දැනුම් දෙනවා. උණතත්වයක් සඳහා ඉක්මන් ප්‍රතිකාර ලබානොගෙන සිටීම උණ රක්තපාත තත්වය ඇතිවී මරණයට පත්වීමේ අවධානම වැඩිවීමට හේතුවක් වන බවයි වෛද්‍යවරුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

2 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

3 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

3 days ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

4 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

4 days ago