2022 විස්සයි විස්ස ආසියානු කුසලානයේ අවසන් මහ තරඟයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් පාකිස්තානය තියුණු තරඟයකින් ලකුණු 1කින් පරාජයට පත්කිරීමත් සමඟයි.
පළමුවන පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කන්තා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 6/ ලකුණු 122ක් ලබාගත්තා.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35ක් , අනුෂ්කා සංජීවනී ලකුණු 26ක් බැගින් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු කණ්ඩායම කඩුලු 6/ ලබාගැනීමට හැකිවූයේ ලකණු 121ක් පමණයි.
ඒත් සමඟ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහ තරඟයට සුදුසුකම් හිමි කරගත්තා.
අනිද්දා එනම් සෙනසුරාදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2022 විස්සයි විස්ස ආසියානු කුසලානයේ අවසන් මහ තරඟය බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිතයි.
චීන තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් – විදේශ අමාත්‍යාංශය තවමත් සලකා බලා නොමැති බව කියයි ඉදිරි වසර…
Sri Lanka’s Ministry of Foreign Affairs has received a request from the Chinese Embassy seeking…
A selection of behind-the-scenes moments from Vihanga Premaya, the latest cinematic creation directed by acclaimed…
කොත්මලේ ජලාශයට ජලය එකතු වන සිඝ්‍රතාවය අනුව ජලාශය එහි උපරිම ජල සැපයුම් මට්ටමට ලගා වෙමින්…
කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශයට ඇතිවූයේ වර්ෂාව හේතුවෙන් කැලණි ගඟේ පහළ කොටසේ ජල මට්ටමේ ඊයේ…
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…