පසුගිය දිනෙක මා සුභාරතී සංකථන මණ්ඩපයේදී මුහුදු සේද මාවත පිළිබඳව සදහනක් කලා. ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අධ්‍යයනය කරන අයවළුනට වැඩිමනක් වශයෙන් මෙම සටහන ඉදිරිපත් කරනවා..!
ඈත අතීතයේදී නැගෙනහිර චීනයේ සිට බටහිර ග්‍රීසිය දක්වා සේද මාවත් (Silk Routes) විහිදී තිබුනා. මෙහිදී වඩාත් ප්‍රචලිත වුනේ ගොඩබිමි සේද මාවතයි. එහි ප්‍රමුඛ සංධිස්ථානය වූයේ සිරියාවෙි පැල්මයිරාවයි. පිගන් භාණ්ඩ, වීදුරැ,කුළුබඩු,ඇතුළු බොහෝ වෙළඳ ද්‍රව්‍ය මෙන්ම, ඇත්තු,අශ්වයෝ වාගේම වහල් සේවයට ගෙනගිය අයත් හුවමාරැවුන තැනක් තමයි පැල්මයිරාව. අන්න ඒ වගේම වැදගත් සංධිස්ථානයක් තමයි මුහුදු සේද මාවතේ තිබුන ලංකාව.
අපේ මාතොට, ගෝකන්න, දඹකොල පටුන,ගොඩවාය මෙහිදී වැදගත් වෙළද වරායන් වුනා. මහාචාර්යය සෙනරත් පරණවිතානයන්ට අනුව මෙම ගොඩවාය වරාය..දෙවන ශතවර්ෂයේ සිට දොලොස්වන ශත වර්ෂය දක්වා දිවෙන ආයු කාලයක් සහිත දියුනු වරායක් වූ බව සඳහන්…
රේගු බදු පිළිබඳව ලෝකයේ පැරණිතම සෙල්ලිපියක් මෙහි සංරක්ෂනය කර තිබෙනවා. එයට අනුව. ක්‍රිව 114 සිට ක්‍රිව 136 වකවානුවෙි ලංකාව පාලනය කල ගජබාහු ( ගාමිනී අභය )රජු විසින් ගොඩවාය වරායට පැමිනෙන නැවිවල භාන්ඩ වලින් රේගු බදු අයකල බවත් එයින් එක් කොටසක් ඝෝඨපබිබත විහාරයට පූජා කල බවත් සෙල්ලිපියේ සදහන්..
වලවෙි ගඟ මුහුදට වැටෙන මෙම ස්ථානයට රට මැද සිට බොටිටු සහ බාර්ජ් පැමිනි බවට. සාක්ෂි තිබෙන බවත් වාර්තාවෙනවා. අපේ රටේ නිෂ්පාදන මෙමගින් අපනයනය කිරීමටත් රටට අවශ්‍ය දෑ පමනක් ආනයනය කිරීමටත් ගොඩවාය වරාය සක්‍රීයවී තිබෙනවා.
පුරාවිද්‍යා කැනීමි වලදී සොයාගත් තුන්හුලස් ඇන්කර්, ගල් බංකු, ග්‍රැනයිටි කුළුනු,පිඟන් කෝප්ප කාසිවර්ග ප්‍රෞඩ ඉතිහාසයකට උරැමකමි කියනවා.
නැවි විශාල ගනනක නටඹුන් එම සශ්‍රිකත්වයට සාධක පෙන්වනවා.සමහර නැවි වසර 2000 කටත් වඩා පැරණිය.
ගොඩවාය වරාය. මෙන්ම මාතොටත් රේගු බදු අයකල තැන්. එම බදු එවකටත් රාජ්‍ය භාණ්ඩාගාරයට එකතුවිය. මෙයට අමතරව විදෙස් නාවුකයන් රට මැද සිටි රජු හමුවී පගෝදී වලින් තුටු පඬුරැ ලබාදුන් බවත් සඳහන්..
මෑතකදී මෙම විහාර පරිශ්‍රය තුල රේගු විවෙිකාගාරයක් සාදා ඇත..
මුහුදු සේද මාවත සහ ගොඩවාය වෙළද වරාය පිලිබදව පහතින් දැක්වෙන ඦායාරෑප හොදින් කියවා බලන්න..
පරාක්‍රම බස්නායක.හිටපු රේගු අධ්‍යක්ෂ..
නීති හා නීති කටයුතු අධ්‍යක්ෂ රැන්සමි ලංකා…
උපුටා ගැනීම
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…