2017 වසරේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටි අවධියේ අධ්‍යාපනයට අත දීමක් වශයෙන් ගෙන ආ යෝජනාවක් හිටි හැටියේ නතර කර තිබෙනවා.
ඒ කැබිනට් තීරණයකට අනුව නොවීම විශේෂත්වයක්.
2017 වසරේදී අයවැය යෝජනාවක් ලෙස පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා ගණිතය, විද්‍යාව, තොරතුරු තාක්ෂණය (IT) හා කළමනාකරණ යන විෂයන් සඳහා පෙනී සිටින සිසුන්ට ,හඳුන්වාදුන් විශේෂිත ණය යෝජනා ක්‍රමය,( Loan sceem) මේ වන විට හදිසියේ නතර කර තිබෙනවා.
අදාල ණය යෝජනා ක්‍රමය යටතේ අධ්‍යාපනය හැදෑරූ බොහෝ සිසුන් මේ වන විටත් විවිධ වෘත්තීන්හි නියැලී සිටිනවා.
මෙහිදී තෝරා ගැනෙන එක් සිසුවෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 8 ක මුදලක්, ණයක් ලෙස ලබා දෙන්නේ අදාළ පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහායි.
අදාළ මුදල ද වාරික වශයෙන් ගෙවීම සිදුකෙරුනා.
පෞද්ගලික විශ්ව විද්‍යාල තුළින්,ගණිතය විද්‍යාව,තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණය යන විෂයන් වෙනුවෙන් උපාධිය හැදෑරීම සඳහා,රුපියල් ලක්ෂ 25 කට ආසන්න මුදලක් වැය වුවත්,එවක රජය ගෙනා යෝජනාවකට අවනත වෙමින් රුපියල් ලක්ෂ 8ක සීමාවකට යටත්ව අදාළ උපාධිය සම්පූර්ණ කිරීමට,තෝරාගත් පෞද්ගලික සරසවි සිසුන්ට අවස්ථාව හිමිකර දී තිබුණා,
ඒ සඳහා වන සියයට 13% ක පොලී අනුපාතය දැරුවේ රජය විසිනුයි.
මේ වන විට එම පොලී අනුපාතය 20% දක්වා වැඩි කළ යුතු බවට,රාජ්‍ය බැංකුව තීරණය කර තිබෙනවා.
එම තීරණයට තවමත් එකඟතාවක් ලැබී නොමැති අතර,මේ හේතුවෙන් අදාළ විශේෂිත ණය යෝජනා ක්‍රමය තාවකාලිකව නතර කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
සිසුන් හත්දහසක්, අටදහසක් වැනි ඉහළ ප්‍රමාණයක් මෙම ණය පහසුකමේ සේවාව අත්විඳීමේ අපේක්ෂාවෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටියා.
මේ නිසා අදාළ විෂයන් සදහා මෙවර ඉල්ලුම් කිරීමට නොහැකි වීමෙන් සිසුන් දැඩි අපහසුතාවකට පත්ව සිටිනවා.
මෙ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් කඩිනම් තීරණයක් නොගතහොත්,2017 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩු සමයේ හඳුන්වා දුන් විශේෂිත අධ්‍යාපනික ණය යෝජනා ක්‍රමය අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධා මතු වනු ඇති
මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග දැන ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා සම්බන්ධ කරගැනීමට අප කළ උත්සහය ව්‍යර්ථ වුණා. නමුත් සිසුන්ට සිදුව ඇති අසාධාරණය අමාත්‍යවරයාගේ අවධානයට යොමු කිරීමට අප සෑම උත්සහයක්ම ගනිමින් සිටිනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…