ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට පිරිස පැමිණීම වළක්වන ලෙසට පසුගිය 22 වැනිදා කළ ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත සිතාසි යැවීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (26 දා) නියෝග කළේය.
පොදු ස්ථානයක පිහිටි එකී පිළිරුව අසලට පිවිසීමට ජනතාවට ඉඩ නොදීම අයුතු සහගත ක්‍රියාවක් බව පෙන්වා දෙමින් නීතිඥවරුන් පිරිසක් කළ ඉල්ලීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා බුද්ධි තොරතුරු වාර්තා උපුටා දක්වමින් එකි පිළිරුවට යම්කිසි පිරිසක් හානි කිරීමේ සුදානමක් පවතින බවට කළ ඉල්ලීමක් සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත්වරයා එකී පිළිරුව අසල සිට මීටර් 50 ක සීමාවකට ජනතාව ඇතුළුවීම වළක්වමින් පසුගිය 22 වැනිදා නියෝගයක් නිකුත්කර තිබිණි.
උපුටගැනීම – දිවයින පුවත්පත
ඒ. ජේ. ඒ. අබේනායක
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…